ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර අවබෝධතා ගිවිසුමක්

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය 2027 වසරට යෙදී තිබෙනවා.

ඒ අනුව, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාම සහ පුළුල් කිරීම සඳහා ද්විපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස දෙපාර්ශ්වය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබෙනවා.

එම අවබෝධතා ගිවිසුම මඟින් ද්විපාර්ශ්වික සබඳතා ඇගයීම සඳහාත්, ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම සඳහාත්, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන විෂයයන් සම්බන්ධයෙන් තම ස්ථාවරයන් සම්බන්ධීකරණය කර ගැනීම සඳහාත්, නිත්‍ය ද්විපාර්ශ්වික උපදේශන පැවැත්වීම සඳහාත් පහසුකම් සැලසෙනවා.

ඒ අනුව, වසර 05 ක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන පරිදි ද්විපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුම ඉන්දුනීසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43