spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය සමඟ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයට පිවිසෙයි

ජාතිය ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රයට පිවිසීමත් සමඟ ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියැවෙමින් තිබෙනවා.

චීනයේ ඉතා සාර්ථක Chang’e 6 චන්ද්‍ර මෙහෙයුම ඉක්බිතිව, චීන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමේ ප්‍රධාන නිර්මාණකරු හා ප්‍රධාන සැලසුම්කරු වන මහාචාර්ය වූ වේර් යින්ගේ සහ ඔහුගේ දූත පිරිසගේ ශ්‍රී ලංකා සංචාරය මේ වන විට ආසියානු කලාපයේ මෙන්ම අභ්‍යවකාශ විෂයය ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන කාගේත් දැඩි අවඩ්ධානයට යොමු වූ සැලකිය යුතු කුතුහලයක් ඇති කර අවසන්.

මෙම සංචාරය තුළ ශ්‍රී ලංකාව අත්පත් කර ගන්නට යන වාණිජමය මෙන්ම විද්‍යා හා තාක්ෂණ ජයග්‍රාහණයන් පිළිබඳව ද ප්‍රබෝධයක් ඇති කර තිබෙනවා.

ඓතිහාසික චන්ද්‍ර මෙහෙයුමක්,

2024 මැයි 03 වන දින දියත් කරන ලද චීනයේ Chang’e 6 මෙහෙයුම ජාත්‍යන්තර අභ්‍යවකාශ ගවේෂණයේ දැවැන්ත ජයග්‍රහණයක් සනිටුහන් කරනු ලැබුවා.

මෙම සුවිශේෂී මෙහෙයුමේ ප්‍රධානතම අපේක්ෂාව වූයේ සෑමවිටම පෘථිවියට පිටුපා ඇති සඳේ අඳුරු කලාපය එනම් චන්ද්‍රයාගේ ඈත පැත්තට ගොඩ බැස්සවූයේ දක්ෂිණ ධ්‍රැවය-එයිට්කන් ද්‍රෝණියේ, එහි පැරණි බලපෑම් ඉතිහාසය පිළිබඳව පරීක්ෂා කිරීමටයි.

මෙය ලෝකයේ බොහෝ අභ්‍යවකාශ විශේෂඥයින් ගේ සැලකිය යුතු විද්‍යාත්මක උනන්දුවක් ඇති කලාපයක්.

චීන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමේ ප්‍රධාන නිර්මාණකරු හා ප්‍රධාන සැලසුම්කරු වන මහාචාර්ය වූ වේර් යින්ගේ Chang’e 6 හි අරමුණ වන්නේ චන්ද්‍ර සාම්පල කිලෝග්‍රෑම් 02ක් පමණ පෘථිවියට ආපසු ලබාදීම, සඳෙහි සංයුතිය සහ භූ විද්‍යාත්මක ඉතිහාසය පිළිබඳ පෙර නොවූ විරූ අවබෝධයක් ලබාදීමයි.

මේ වන විට මෙම මෙහෙයුම අති සාර් ථක ලෙසින් ක්‍රියාත්මක වන අතර ලෝකයට මෙතෙක් අණාවරණය නොවූ අභ්‍යවකශයේ රහස් රැසක් මෙම ව්‍යාපෘතිය ඔස්සේ හෙළිදරව් වනු ඇති.

අභ්‍යවකාශ ගවේෂණයේ ශ්‍රී ලංකාවේ නව භූමිකාව,

ශ්‍රී ලංකාවේ භූ පිහිටීමේ සුවිශේෂතා මත අභ්‍යවකාශ ගවේෂණයේ දී බොහෝ විෂයය ප්‍රවීණයන් ප්‍රමාණයක් එහි හැසිරීම හා ඉතිහාසගත කරුණු පිළිබඳව විශ්ලේෂණය කිරීමට පෙළඹී ඇති අතර, මෙතෙක් ජාත්‍යන්තරය හා සහ සම්බන්ධ වෙමින් මෙම පරීක්ෂණ ඔස්සේ වඩාත් සක්‍රීය ලෙස ගනුදෙනු කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ ප්‍රස්ථාවක් නොවීය.

මෙම දිගු කාලීන අඩුව සපුරාලමින් අද (ජූනි මස 7) චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පරීක්ෂණායතනය (DSEL) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලාංකේය සමාගමක් ස්ථාපිත කරනු ලැබුවා.

‘Supreme Deep Space (Pvt) Ltd’ නම් වූ මෙම සමගම දේශීය පුද්ගලික ව්‍යවසායකත්වය මත බිහි වන අතර, මෙරට තුළ ඇති දැනුමින් පෝෂිත මානව සම්පත නිසි ලෙස හඳුනා ගනිමින් ලෝකයේ නවතම ප්‍රවණතාව වන ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයන් හා ඒ ආශ්‍රිත සෙසු විද්‍යාත්මක හා තාක්ෂණික මෙහෙයුම් ව්‍යාපෘතීන් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම සම්පත් සම්බන්ධ කිරීම එමගින් සිදු වනු ඇති.

මේ වන විටත් මෙම ‘Supreme Deep Space (Pvt) Ltd’ චන්ද්‍ර සහ අඟහරු මෙහෙයුම් ඉදිරියට ගෙනයාමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට සූදානම් වනවා.

මෙම හවුල්කාරිත්වය ගෝලීය අභ්‍යවකාශ ගවේෂණ සිතියමේ ශ්‍රී ලංකාව ස්ථානගත කරනවා පමණක් නොව, පෙරළිකාර විද්‍යාත්මක ප්‍රයත්නයන් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබාදීමට ජාතියට ඉඩ සලසනවා.

ගෝලීය තරඟකාරිත්වය සහ උපායමාර්ගික සන්ධානයන්,

අභ්‍යවකාශ ගවේෂණයේ වර්තමාන ගෝලීය භූ දර්ශනය අනුව මෙම හවුල්කාරිත්වය ඉතාමත්ම කාලෝචිත දැවැන්ත විද්‍යා හා තක්ෂණික අභිවෘද්ධියකට ශ්‍රී ලංකාවට මග පාදන ක්‍රියාවලියක් බව විශේෂයෙන් සැලකිය යුතුයි.

මේ වන විටත් එක්සත් ජනපදයේ ආටෙමිස් වැඩසටහන, චීනයේ අභ්‍යවකාශ හා චන්ද්‍ර මෙහෙයුම් අභිලාෂයන් සමඟ තරඟ කිරීමට සූදානම් වන අතර, 2026 වන විට අභ්‍යවකාශගාමීන් සඳ මතට ගොඩ බස්වා එහි තිරසාර පැවැත්මක් ස්ථාපිත කිරීම අරමුණු කර ගෙන තිබෙනවා.

මේ වන විට අභ්‍යවකාශ පරීක්ෂණ හා ජනපද නිර්මාණයට ඇති ඉඩකඩ වෙනුවෙන් පරීක්ෂණ කරන මෙම ප්‍රබල ජාතීන් දෙකම ගෝලීය වශයෙන් සිය මෙහෙයුම් සමගින් සම්බන්ධ වීමට ජාත්‍යන්තර සහයෝගිතාකරුවන් සොයමින් සිටින අතර, එහි පාර්ශවකරුවෙක් ලෙසින් චීනය සමඟ ශ්‍රී ලංකාවේ සුප්‍රීම් ඩීප් ස්පේස් සමාගම චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය ( DSEL) සමගින් මෙසේ හවුල්කාරීත්වයකට එළෙඹීම මෙරට විද්‍යාත්මක හා තාක්‍ෂණික දියුණුව කෙරෙහි විශාල සුබවාදී බලපෑමක් ඇති කරන, උපායමාර්ගික පෙළගැස්මක් ලෙසින් හඳුන්වා දිය හැකියි.

ශ්‍රී ලංකාවට පෙරළිකාර සංවර්ධනයක්,

මහාචාර්ය Wu Weiren ගේ සංචාරය මෙම සහයෝගීතාවයේ මූලෝපායික වැදගත්කම අවධාරනය කරනවා.

Supreme Deep Space ස්ථාපනය කිරීම අභ්‍යවකාශ විද්‍යාව හා තාක්‍ෂණය පිළිබඳ ශ්‍රී ලාංකේය විශේෂඥතාව ඉහළ නැංවීමේ දූරදර්ශී ප්‍රවේශයට සාක්ෂියක්.

නවෝත්පාදන සහ ගවේෂණ සංස්කෘතියක් පෝෂණය කරමින් ශ්‍රී ලංකාවේ නව පරම්පරාවේ විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් දිරිගැන්වීමට මෙම මුලපිරීම සූදානම් වනවා.

මෙම ඓතිහාසික සම්මුතිය මෙරට තරුණ පරම්පරාවට නැවුම් වෘත්තීය අවස්ථාවන් විවෘත කරමින් නැවුම් රැකියා වෙළෙඳපොලක් නිර්මාණය කරමින් ලෝකයේ අති දියුණු තක්ෂණයන් අතර ප්‍රමුඛතම කේෂ්ත්‍රයක් වූ ගැඹුරු අභ්‍යවකාශ විශ්ලේෂණයට මෙරට දරු දැරියන් සහභාගි කර ගනිමින් මෙම විශ්ලේෂණයන් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, ශ්‍රී ලාංකේය විශේෂඥතාව උපයෝගී කර ගනිමින් ජාතියේ විද්‍යාත්මක හැකියාවන් ගෝලීය වේදිකාවක් මත ප්‍රදර්ශනය කිරීමට මෙම වැඩසටහන හරහා ඉඩකඩ සලසනවා.

සුප්‍රීම් ග්ලෝබල් හි මෙම අභියෝගාත්මක සහ නව්‍ය පියවර ශ්‍රී ලංකාව නම් වූ මෙම දූපත් රාජ්‍යය , ලොව ප්‍රබලතම විෂයය ක්ෂේත්‍රයක් වූ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයේ ප්‍රධාන මෙහෙයුම්කරුවෙක් හා ලොව විශාලතම ගැඹුරු අභ්‍යවකාශ පරීක්ෂණයන්ට සහයෝගය දක්වන ප්‍රමුඛ රාජ්‍යයක් බවට පත්වනවා.

ශ්‍රී ලංකාව සහ චීනය අභ්‍යවකාශ ගවේෂණයේ නව මාවතක් සකස් කරයි: සහයෝගීතාවයේ ක්ෂේත්‍ර,

Supreme Deep Space පුද්ගලික සමාගම සහ චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය (China’s Deep Space Exploration Laboratory – DSEL) අභ්‍යවකාශ ගවේෂණය සහ තාක්‍ෂණය දියුණු කිරීම සඳහා සහයෝගීතාවයේ ක්ෂේත්‍ර කිහිපයක් ගෙනහැර දක්වා තිබෙනවා.

විවිධ පර්යේෂණ මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාවේ අද්විතීය විශේෂඥතාව සහ චීනයේ උසස් හැකියාවන් උපයෝගී කර ගැනීමට මෙම හවුල්කාරිත්වය අපේක්ෂා කරනවා.

දේශීය ප්‍රවීණතා දත්ත ගබඩාවක් පිහිටුවීම,

සුප්‍රීම් ඩීප් ස්පේස් අභ්‍යවකාශ මෙහෙයුම්වලට අදාළ ව දේශීය ප්‍රවීණතා ලැයිස්තුගත කිරීම සිදුකිරීමට අපේක්ෂිත අතර ඒ හරහා පුළුල් දත්ත එකතුවක් නිර්මාණය කරනු ඇති.

මෙම දත්ත එකතුවට තාරකා භෞතික විද්‍යාව, ද්‍රව්‍ය විද්‍යාව සහ අභ්‍යවකාශ මෙහෙයුම් යටිතල පහසුකම් හා සේවා සම්පාදනය වැනි ක්ෂේත්‍රවල විශේෂිත දැනුමක් ඇති විද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ පර්යේෂකයන් ඇතුළත් වනවා.

මෙම මුලපිරීම තුළ ගොඩනැගුන චීන ශ්‍රී ලංකා සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බුද්ධිමතුන් හා විද්‍යාර්ථයින් ගෝලීය අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා දායක වන බව සහතික කොට පැවසිය හැකි අතර නුදුරු අනාගතයේදී වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් රැසක් මෙරට තරුණ පරපුර වෙනුවෙන් නිර්මාණය වනු ඇති.

ඉදිකිරීම් වලදී ත්‍රිමාණ මුද්‍රණය පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණ,

මෙම සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ ඉදිකිරීම් සඳහා ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණයි.

මෙම පර්යේෂණය මගින් චන්ද්‍රයා මතුපිට පෘෂ්ඨයේ ඇති පාංශු හා සෙසු ද්‍රව්‍ය යොදාගෙන (Lunar Regolith ) ඒවා භාවිතයෙන් සඳ මත ව්‍යුහයන් ගොඩනැගීම සඳහා ක්‍රමවේද සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති අතර එමඟින් චන්ද්‍රයා මත ජනාවාස පිහිටුවීම, මිනිසුන් යොදාගෙන පරීක්ෂණ සිදුකිරීම හා සෙසු විද්‍යාත්මක ක්‍රියාකාරකම්වල දී එල්ලවිය හැකි බලපෑම් පිළිබඳව මනා පූර්ව නිගමයන්ට එළැඹීමටත් සිදුවිය හැකි අවධානම් සහගත තත්ත්වයන් ගෙන් සුරක්ෂිතව සිටිමින් චන්ද්‍ර කඳවුරු පිහිටුවීමේ පිරිවැය සහ සංකීර්ණත්වය සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමටත් හැකියාව ලැබෙනවා.

DSEL හි උසස් ත්‍රිමාණ මුද්‍රණ තාක්‍ෂණයන් ශ්‍රී ලංකාවේ නවෝත්පාදනයන් සමඟ ඒකාබද්ධ කිරීමෙන්, හවුල්කාරිත්වය පෘථිවියෙන් පිටත ඉදිකිරීම් සඳහා පුරෝගාමී කොටසකරුවෙක් ලෙසින් විශාල මෙහෙවරක් සිදුකිරීමට ශ්‍රී ලංකාවට ද ඉඩකඩ සැලසෙනවා.

චන්ද්‍ර ජලයෙන් ඔක්සිජන් නිපදවීම,

සඳ මත ඇති ජල මූලාශ්‍ර පරිභෝජනයට සුදුසු අයුරින් ඔක්සිජන් ජනනය කොට තනුක කිරීමටත් එහි ඇති අහිතකර සංඝටක ඉවත් කොට අනාගත චන්ද්‍ර පරීක්ෂණ හා ජනාවාස ඉදිකිරීමේ දී ජලය භාවිත කිරීමට හැකි ආකාරයට පරිවර්තනය කිරීමටත් ඊට අවැසි විද්‍යාත්මක හා තාක්ෂණික දායකත්වය ලබාදීමටත් සැලසුම් කොට තිබෙනවා.

මෙම පර්යේෂණය අනාගත චන්ද්‍ර මෙහෙයුම් සඳහා තීරණාත්මක ජීව ආධාරක සම්පත් සැපයීමට අවශ්‍ය පසුබිම සකස් කරනු ඇති.

මෙම ව්‍යාපෘතිය මඟින් ජලය විද්‍යුත් විච්ඡේදනය කිරීමේ කාර්යක්ෂම ක්‍රම ගවේෂණය කරනු ඇත, සඳ මත මානව පැවැත්ම පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ඔක්සිජන් සහ හයිඩ්‍රජන් නිපදවීමට සූර්ය බලය උපයෝගී කර ගැනීමට ද අවශ්‍ය කටයුතු මෙම සමාගම් දෙකේ එකමුතුවෙන් සිදුකරනු ලබනවා.

ග්‍රැෆීන් භාවිතයෙන් අභ්‍යවකාශ සෝපාන සංකල්පය ගවේෂණය කිරීම,

ඇදහිය නොහැකි ශක්තිය සහ සන්නායකතාවය සඳහා ප්‍රසිද්ධ ද්‍රව්‍යයක් වන ග්‍රැෆීන් භාවිතා කරමින් අභ්‍යවකාශ සෝපානයක ශක්‍යතා විමර්ශනය කිරීම ද මෙම චීන ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ අරමුණයි.

මෙම අභිලාෂකාමී සංකල්පයට අනුව පෘථිවි පෘෂ්ඨයේ සිට භූ ස්ථායී කක්ෂයක් දක්වා සම්බන්ධිත ව්‍යුහයක් නිර්මාණය කිරීම, ද්‍රව්‍ය සහ පිරිස් අභ්‍යවකාශයට පිරිවැය-ඵලදායී ලෙස ප්‍රවාහනය කිරීමට හැකිවනවා.

මෙම ඒකාබද්ධ පර්යේෂණ මගින් ග්‍රැෆීන් නිෂ්පාදන ශිල්පීය ක්‍රම සංවර්ධනය කිරීම සහ අභ්‍යවකාශ සෝපාන තාක්‍ෂණය තුළ එහි යෙදුම පරීක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති.

හික්කඩුවේ පහළ ගුරුත්වාකර්ෂණ බලපෑම් දර්ශනය,

Supreme Deep Space පුද්ගලික සමාගම සහ චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය (China’s Deep Space Exploration Laboratory – DSEL) ශ්‍රී ලංකාවේ හික්කඩුව කලාපයෙන් ප්‍රයෝජන ගනිමින් අඩු ගුරුත්වාකර්ෂණ බලපෑම් තත්ත්වය පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමටත් එකඟතාවකට පිවිසී තිබෙනවා.

මෙම ප්‍රදේශය, එහි අද්විතීය භූ විද්‍යාත්මක ලක්ෂණ සහිත, විවිධ ද්‍රව්‍ය සහ ජීව විද්‍යාත්මක පද්ධති මත ගුරුත්වාකර්ෂණය අඩු කිරීමේ බලපෑම් අධ්‍යයනය කිරීම සඳහා කදිම පරිසරය පසුබිමක් සපයනවා.

මෙම සොයාගැනීම් මගින් චන්ද්‍ර හෝ අඟහරු තත්වයන් තුළ විවිධ ද්‍රව්‍ය සහ ජීවීන් හැසිරෙන්නේ කෙසේ ද යන්න පිළිබඳ වටිනා අවබෝධයක් ලබාදීමට නුදුරු අනාගතයේ දී අවකාශය සැලසෙනු ඇති.

TT&C, භූමි නිරීක්ෂණ සහාය හා තොරතුරු තාක්ෂණ සම්පත් බෙදාගැනීම,

මෙම සහයෝගිතාවය අවශ්‍ය මාර්ගස්ථ අධීක්ෂණය (Tracking), දුරස්ථමානයන් ගණනය (Telemetry) , සහ විධානයන් ක්‍රියාත්මක කිරීම (Command) TT&C සේවා සඳහා භූමි කොටස් භාවිතයේ දී ලබාදෙන සහායේ සිට, සහ තොරතුරු තාක්ෂණ සම්පත් බෙදාගැනීම දක්වා විහිදෙනවා.

ශ්‍රී ලංකාවේ මූලෝපායික භූගෝලීය පිහිටීම් තත්ත්වය උපයෝගී මෙම විශේෂඥ දූත පිරිස විසින් සිදුකරනු ලබන සියලු පරීක්ෂණයන්ට මෙන්ම භූමි හා අභ්‍යවකාශ අධීක්ෂණය සහ පාලනය සඳහා යටිතල පහසුකම් සුප්‍රීම් ඩීප් ස්පේස් විසින් සපයනු ඇති.

මෙම සහාය පෘථිවිය මත පදනම් වූ ස්ථාන සහ අභ්‍යවකාශ යානා අතර බාධාවකින් තොරව සන්නිවේදනය සහ දත්ත හුවමාරුව සහතික කරනු ඇති.

අභ්‍යවකාශ මෙහෙයුම්වල සමස්ත කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට මෙම සාධක ප්‍රබල හේතුවක් වනු ඇති.

මෙහෙයුම් අධීක්ෂණ සහ පාලන සහාය,

අවසාන වශයෙන්, Super Deep Space විසින් මෙම ජාත්‍යන්තර මෙහෙයුම අධීක්ෂණය සහ පාලනය සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ඇති අතර, උසස් තාක්‍ෂණයන්ගෙන් සමන්විත අති නවීන පහසුකම් ස්ථාපිත කිරීමෙන්, සමාගම DSEL හි මෙහෙයුම් සඳහා තත්‍ය කාලීනව සහාය දීමට කටයුතු කරනවා.

අභ්‍යවකාශ යානා මාර්ග අධීක්ෂණය, මෙහෙයුම් දත්ත විශ්ලේෂණය කිරීම සහ සහයෝගී අභ්‍යවකාශ ප්‍රයත්නවල සාර්ථකත්වය සහතික කිරීම සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතන සමඟ සම්බන්ධීකරණය මෙම ව්‍යාපෘති මෙහෙයුමට
ඇතුළත් වනවා.

Supreme Deep Space සහ DSEL අතර මෙම සහයෝගීතාවය ගෝලීය අභ්‍යවකාශ ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ රටක් සැලකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කරනවා.

දේශීය විශේෂඥතාව උපයෝගී කර ගනිමින් සහ අති නවීන පර්යේෂණ සඳහා දායක වීමෙන්, මානව වර්ගයාගේ යහපත සඳහා ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණය, නවෝත්පාදන සහ විද්‍යාත්මක සොයාගැනීම් සඳහා ප්‍රධාන සහයෝගීතාකරුවෙක් බවට පත් වන ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර අනන්‍යතාව නව මානයකට ගෙනියමින් අනාගත විද්‍යා හා තාක්ෂණය ජයගන්නා අභිමානයෙන් යුක්ත රටක් ලෙසින් පරිවර් තනය වීමට සූදානමින් සිටිනවා.

චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ගවේෂණය කිරීම සහ චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගත් Chang’e 07 සහ 08 වැනි මෙහෙයුම් ද මේ වන විට සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමට සූදානම් කොට ඇති බැවින්, DSEL සමඟ ඇති කරගන්නා මෙම සම්මුතීන් රටක් ලෙස ශ්‍රී ලංකවටත් දේශීය අර්ථිකයටත් ප්‍රතිලාභ ලබා දෙනු ඇති.

මෙම සියළු මෙහෙයුම් සඳහා දේශීය ව්‍යාපාරයක් ලෙසින් සුප්‍රීම් ස්පේස් පුද්ගලික සමාගම මෙම දැවැන්ත ආයතන හා ඝෘජුවම සම්බන්ධව කොටස්කරුවෙක් ලෙසින් කටයුතු කිරීම ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් ගෙන ඒමට සමත් වන අතරම ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම්වල අනිවාර්ය කොටස්කරුවෙක් බවට මින් ඉදිරියට ශ්‍රී ලංකාව බවට පත්වීමට මග පාදමින් සුප්‍රීම් ඩීප් ස්පේස් සමාගම කටයුතු කරනු ඇති.

(සුප්‍රීම් ඩීප් ස්පේස් පුද්ගලික සමගාම සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් හී පූර් ණ අනුබද්ධිත ආයතනයක් ලෙසින් ක්‍රියාත්මක වනවා. ශ්‍රී ලංකාවේ ගැඹුරු අභ්‍යවකාශ ව්‍යාපාර පිළිබඳ වැඩිදුර තොරතුරු සහ යාවත්කාලීන කිරීම් සඳහා කරුණාකර www.supreme.lk වෙත පිවිසෙන්න.)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?