ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ තවදුරටත් මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
එහිදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා, හඟුරන්කෙත පොත්ගුල් විහාරයේ කොත් පැළඳීවීමකට ආරාධනා කොට නායක හිමිනමක් එවූ ආරාධනාවක් ඇප ලබා දීම සඳහා විශේෂ කරුණක් ලෙස ඉදිරිපත් කරනු ලැබුවා.
පසුව රජයේ නීතිඥ ජනක බණ්ඩාර විසින් එය සුවිශේෂී කරුණක් නොවන බවට අධිකරණයට කරුණු පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබුවා.
කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා, මේ මස 29 වනදා දක්වා නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළා.













