දඹුල්ල, හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද (18) අලුයම 12.30 පමණ සිදුවූ රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
හබරණ දෙසින් පැමිණි බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයේ ගැටී ඇති අතර, අනතුරෙන් මෝටර් රථයේ ගමන්ගත් විදුහල්පතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 38ක් වන දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ ජානක විජේසිංහ නම් අයෙක්.
ඔහු දෙදරු පියෙක් බවයි පොලිසිය සඳහන් කළේ.













