ගියවර නඩු දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂහට අධිකරණය විසින් ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් සැප්තැම්බර් 12 වැනිදා විමල් වීරවංශ රැස්වීමක දී කරපු ප්‍රකාශය මගින් අධිකරණයට අපහාස වීමක් වී ඇද්ද යන්න සම්බන්ධයෙන් සලකා බලා කටයුතු කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වුවා.
එම රැස්වීමේදී කරන ලද ප්‍රකාශයට අයත් සී.ඩි පඨයක්ද අධිකරණයට ඉදිරිපත් කරමින් මේ බව අධිකරණයට දන්වා සිටියා.
එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට පොලිස්පතිවරයාට නියෝග කළා.













