අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර දින 17කට පසු කැලෑවකින් හමුවෙයි

තණමල්විල, 21 කණුව ප්‍රදේශයේ නිවසකින් අතුරුදන්ව සිටි 96 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුර දින 17කට පසු සාගිනිවැව ප්‍රදේශයේ වැව් රක්ෂිතයේ තිබියදී ඊයේ (17) දිනයේ දී සොයාගෙන තිබෙනවා.

අදාළ කාන්තාව පසුගිය 01 වැනිදා සිය නිවසේ සිටියදී අතුරුදන්ව ඇති අතර, පසුව ඇගේ දරුවන් විසින් මේ සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් එම කාන්තාව සොයා පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කර තිබුණ ද කිසිඳු තොරතුරක් අනාවරණය වී නැහැ.

මේ අතර, ඊයේ පෙරවරුවේ සාගිනිවැව වැව් රක්ෂිතයට දර කැපීමට ගිය පුද්ගලයන් කිහිපදෙනකුට කාන්තාවකගේ නිසල සිරුරක් හමුව ඇති අතර, පසුව ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඉන් අනතුරව තණමල්විල පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් සිදුකළ පරීක්ශාවේ දී, එම මළ සිරුර අතුරුදන්ව සිටි 96 හැවිරිදි කාන්තාවගේ බවට හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මළ සිරුර හමුවී ස්ථානයේ සිට ඇය පදිංචිව සිටි නිවස වෙත කිලෝමීටර් තුනක පමණ දුරක් වන බවයි පොලිසිය සඳහන් කළේ.

කාන්තාව අතුරුදන්ව දින 17කට පසුව සිරුර හමුව ඇති අතර, එම වන විට සිරුර නරක් වී තිබූ බවද වාර්තා වනවා.

වැල්ලවාය මහේස්ත්‍රාත්වරිය විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර, නිසල සිරුර මොණරාගල සිරිගල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

අනතුරුව නිසල සිරුර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මොණරාගල සිරිගල මහ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

මේ අතර මියගිය කාන්තාවගේ පුත්‍රයා පවසා ඇත්තේ, තම මවගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.

ඇයට එම ප්‍රදේශයට යාමට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවද ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත්, මරණයට හේතුව හෝ සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් අපරාධයක් සිදුවී තිබේද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති අතර, තණමල්විල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01