උතුරු සහ නැගෙනහිර පළාත්වල සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් විවෘත කිරීම සහ මුල්ගල් තැබීමේ සංචාරයක නිරත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (17) රාත්‍රියේ මුලතිව් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක එක්ව තිබෙනවා.
අනතුරුව රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය හමුවූ අමාත්‍යවරයා, රෝහලේ පවතින ගැටලු සම්බන්ධයෙන් ඔවුන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වුණා.
එහිදී මතුවූ ගැටලුවලට අදාළව අවශ්‍ය විසඳුම් ලබාදීමටද අමාත්‍යවරයා මැදිහත්ව තිබෙනවා.













