කොළඹ වරාය වෙත වෙළඳ නෞකාවක් රැගෙන ඒම සඳහා එම නෞකාවට ගොඩවීමට උත්සාහ කිරීමේදී හදිසි අනතුරකට ලක්ව මුහුදට ඇද වැටීමෙන් නාවික නියමුවෙකු (Pilot) ඊයේ (17) රාත්‍රීයේදී අනතුරකට මුහුම දී තිබෙනවා.
කෙසේ වෙතත්, එම නාවික නියමුවා නිරුපද්‍රතව මුදා ගැනීමට නාවික හමුදාව සමත් වූ බව නාවික හමුදාව පවසනවා.
නාවික නියමුවා මුහුදට වැටී ඇති බවට කොළඹ වරාය පාලන මැදිරිය වෙතින් සිදුකළ දැනුම් දීමකට අනුව, කඩිනමින් ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ වරාය පිවිසුම ආසන්නයේ මුර සංචාරයේ යෙදි සිටි P 164 වෙරළබඩ මුර සංචාරක යාත්‍රාව එම ස්ථානය වෙත යොමු කර ඇති අතර,එම යාත්‍රාව මඟින් මුහුදට වැටුණු නාවික නියමුවා නිරුපද්‍රිතව මුදාගෙන, ආරක්‍ෂිතව වරාය මෙහෙයුම් පාලන ජැටිය වෙත වෙත රැගෙන ඒමට කටයුතු කර තිබුණා.













