විල්පත්තු මායිමේ කුඹුක් ගස් ගිනි ගැනීම ගැන වහාම විමර්ශනයක්

විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිම් කලාපයට අයත් වනාතවිල්ලුව, පරණ එළුවක්කුලම නෙළුම් වැව් පරිශ්‍රයේ පිහිටි කුඹුක් ගස් ගිනිගෙන විනාශ වීමේ සිදුවීම පිළිබඳව කඩිනම් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වහාම වාර්තාවක් ලබා දෙන ලෙස පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ උපදෙස් පරිදි පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත දන්වා තිබෙනවා.

සංවේදී පරිසර පද්ධතියක පිහිටි ජල මූලාශ්‍ර රැකදෙන මෙවැනි ස්වාභාවික වෘක්ෂලතා විනාශ වීම සමස්ත පරිසර පද්ධතියටම එල්ල වන බරපතළ තර්ජනයක් බැවින් මෙම සිදුවීම කිසියම් පාර්ශ්වයක් විසින් හිතාමතා සිදු කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ පරිසර සංහාරයක් බවට අනාවරණය වුවහොත්, ඊට සම්බන්ධ සියලු වගකිවයුත්තන්ට එරෙහිව පවතින නීතිමය රාමුව යටතේ උපරිම දඬුවම් පැමිණවීමට පියවර ගැනීම සදහා කටයුතු කර තිබෙනවා.

වනජීවී හා වන සංරක්ෂණ ආඥාපනත් මෙන්ම ජාතික පාරිසරික පනතේ විධිවිධාන ප්‍රකාරව, මෙරට සංවේදී පරිසර කලාප හා ජල පෝෂක ප්‍රදේශ විනාශ කරන ඕනෑම ක්‍රියාවකට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය කිසිදු පැකිළීමකින් තොරව කටයුතු කරනු ලබනවා.

මීට අදාළව වාර්මාර්ග දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය පරිපාලන හා ආරක්ෂක අංශ ඒකාබද්ධව සිද්ධිය වූ ස්ථානය ඒකාබද්ධ පරීක්ෂණයක් අද (18) එම ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39