විදුලි රැහැන් කණුවක් කඩා වැටී සේවකයින් තිදෙනෙක් රෝහලේ – එක් අයෙකුට බරපතලයි (වීඩියෝ)

විදුලි රැහැන් කණුවක් කඩා වැටීමෙන් විදුලි බලමණ්ඩලයේ සේවකයින් තිදෙනනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
එලෙස කළ සේවකයින් තිදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

ඔහු ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ සිට ගාල්ල – කරාපිටිය මහ රෝහල වෙතය මාරුකර යවා තිබෙනවා.

සෙවනගල මහා විද්‍යාලය ඉදිරිපිට විදුලි රැහැන් කණුවක තෙකලා විදුලි රැහැන් සවි කරමින් සිටි විදුලි බල මණ්ඩලයේ ඇඹිලිපිටිය කාර්යාලයට අනුයුක්තව සේවය කළ විදුලි කාර්මිකයින් තිදෙනෙකු මෙම අනතුරිනි තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

එක් කාර්මිකයෙකු විදුලි රැහැන් කණුව මත සිට විදුලි රැහැන් සවිකරමින් සිට ඇති අතර, එම අවස්ථාවේ දී කණුව මැදින් කඩාගෙන බිමට පතිත වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවේ දී බිම සිටි තවත් කාර්මිකයින් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර, මෙම අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ කණුව මත සිටි කාර්මිකයා බවයි වාර්තා වන්නේ.

විදුලි කණුව ප්‍රමිතියෙන් තොරව සකසා තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අනවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17