ඩුබායිහි දී ඇල්ලූ ‘බස් ලලිත්’ දිවයිනට රැගෙන එයි

ඩුබායිහි දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

මොහු අද (25) අලුයම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL 226 දරණ ගුවන් යානයෙන් දිවයිනට රැගෙනවිත් ඇති බවයි වාර්තා වුණේ.

ඩුබාහි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’ නැමැත්තා මනුෂ්‍ය ඝාතන, අපරාධ සහ කප්පම් ගැනීම් සම්බන්ධ චෝදනා රැසක් එල්ල වී ඇති අයෙක්.

සැකකරු මෙරටට රැගෙන ඒමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.