විත්තිකූඩුවේ සිට පොලිසියට හොඳ පදෙන් ඇමතූ සැකකරුට අධිකරණයෙන් දැඩිව අවවාද

තමාට පොලිසිය බොරු නඩුවක් දැමූ බව පවසමින් අධිකරණයට අපහාස වන ලෙස විවෘත අධිකරණයේ විත්තිකුඩුව මත සිට පරුෂ වචනයෙන් කෑ ගැසූ සැකකරුවකුට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (31) දැඩිව අවවාද කළා.

කටුනායක පොලිසිය මඟින් තමාට බොරු නඩුවක් පවරා ඇති බවත්, තමා ඒ වරද සිදුනොකළ බවයි සැකකරු සඳහන් කළේ.

එහිදි මහේස්ත්‍රාත්වරිය විමසා සිටියේ වැරදිකරු ද නිවරැදිකරු ද බවයි.

එහිදි සැකකරු නිවැරදිකරු බව ප්‍රකාශ කළ අතර, නඩුව නැතව ජනවාරි 08 කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

එහිදී විත්තිකුඩුවෙන් බැස නොගිය සැකකරු විත්තිකුඩුවේ සිට උස් හඩින් අසභ්‍ය වචනවලින් පොලිසියට බැණ වැදුනා.

එසේ බැන වැදුනු සැකකරු විත්තිකුඩුවෙන් බැස යන්නට උත්සාහ කළ අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේ සැකකරු විත්තිකුඩුවට යළිත් නංවන ලෙසයි.

එහිදී ⁣මහේස්ත්‍රාත්වරිය සැකකරු දැඩිව අවවාද කළා.

පොලිසිය ද්වේෂ සහගත ලෙස නඩුවක් පැවරු බව සලකා තම අධිකරණය මුල් අවස්ථාවේදීම ඇප ප්‍රධානය කළ බවත්, වැරදිකරු ද නිවරැදිකරු ද යන්න පැවසීමට ද තම අධිකරණය අවස්ථාවවක් දෙමින් නඩු විභාගයට දිනද නියම කර ඇති අවස්ථාවක අධිකරණයට අපහාස කිරිම නොකළ යුතු බවද මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා.

සියලුම දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අධිකරණය බැඳි සිටින බවත්, ඊට ජනතාව ද ගරු කළ යුතු බව පෙන්වා දුන්නා.

එහිදි ද සැකකරු දිගින් දිගටම තම අදහස් ප්‍රකාශ කිරීමට උත්සහ කළ අතර, මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ අධිකරණය අවවාද කරන අවස්ථාවේ දී නිහඬ විය යුතු බවයි.

ඉන් අනතුරුව සැකකරු පොලිස් භාරයට පත් කර අවවාද කර මුදාහැරීමට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57