වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකුට තුවාල

අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

හැටන් සිට ලිඳුල දක්වා ධාවනය වූ මෙම වෑන් රථය ලිඳුල වොල්ට්‍රිම් වත්ත ආසන්නයේදී මෙම අනතුරට ලක්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලබා ඇත්තේ එම වෑන් රථයේ රියදුරා සහ හිමිකරු බව සඳහන්.

බරපතල තුවාල ලැබූ ඔවුන් ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

වෑන් රථය දික්ඔය නගරයේ ගරාජයකින් අලුත්වැඩියා කරගෙන යළිත් ලිඳුල මටුකැලේ ප්‍රදේශය දක්වා ධාවනය කරන අවස්ථාවේ එය මාර්ගයෙන් ඉවතට පැන පෙරළි ඇතැයි සඳහන්.

වෑන් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බවටයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය සැක කරන්නේ.

මෙම අනතුරෙන් වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12