spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකුට තුවාල

අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

හැටන් සිට ලිඳුල දක්වා ධාවනය වූ මෙම වෑන් රථය ලිඳුල වොල්ට්‍රිම් වත්ත ආසන්නයේදී මෙම අනතුරට ලක්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලබා ඇත්තේ එම වෑන් රථයේ රියදුරා සහ හිමිකරු බව සඳහන්.

බරපතල තුවාල ලැබූ ඔවුන් ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

වෑන් රථය දික්ඔය නගරයේ ගරාජයකින් අලුත්වැඩියා කරගෙන යළිත් ලිඳුල මටුකැලේ ප්‍රදේශය දක්වා ධාවනය කරන අවස්ථාවේ එය මාර්ගයෙන් ඉවතට පැන පෙරළි ඇතැයි සඳහන්.

වෑන් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බවටයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය සැක කරන්නේ.

මෙම අනතුරෙන් වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?