වැලිගමින් අතුරුදන් වූ දැරියන් දෙදෙනෙක් නුගේගොඩින් හමුවෙලා

වැලිගම නගරයෙන් අතුරුදහන් වූ පාසල් දැරියන් දෙදෙනෙක් නුගේගොඩ ප්‍රදේශයේ මාර්ගයක සැරි සරමින් සිටිය දී මිරිහාන පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස හමුව ඇත්තේ වයස අවුරුදු 07 සහ 14 යන වයස්වල පසු වූ දැරියන් දෙදෙනෙක්.

එම දැරියන් දෙදෙනා පසුගිය 26 දින පෙරවරුවේ වැලිගම ප්‍රදේශයේ පිහිටි නිවසින් පිටව ගොස් ඇති බවටයි අවසන් වරට තොරතුරක් වාර්තා වී ඇත්තේ.

එම අවස්ථාවේ දී ඔවුන්ගේ මව අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව සිට ඇති අතර, පියා රැකියාවට ගොස් නිවසට පැමිණ නිදා සිට ඇති බව සඳහන්.

දැරියන් දෙදෙනාගේ සහෝදරයෙකු ද රැකියාවට ගොස් සිට ඇති අතර, ඔහු නිවසට පැමිණෙන සිය සහෝදරියන් දෙදෙනා නිවසේ නොමැති බව දැනගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව සොයා බලා පසුව වැලිගම මූලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව දැරියන් දෙදෙනා සොයා පොලිස් විමර්ශන අරඹා ඇති අතර, දැරියන් දෙදෙනාගේ තොරතුරු දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත දැනුම්දීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර කුඩා දැරියන් දෙදෙනෙක් නුගේගොඩ හතේ කණුව අසළ දී ත්‍රී රෝද රථයකට නැගීමට උත්සාහ ගත් අවස්ථාවේ දී ඒ අසළ සිටි කාන්තාවක් මේ පිළිබඳව මිරිහාන පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ,අනුව එම දැරියන් දෙදෙනා පොලිස් භාරයට ගෙන මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරු මෙම දැරියන් දෙදෙනා වැලිගම ප්‍රදේශයෙන් අතුරුදන් වූ දැරියන් බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන් වැලිගම සිට බස් රථයක නැගී නුගේගොඩ ප්‍රදේශයට පැමිණ ඇති බවයි අනවරණය වී ඇත්තේ.

පොලිස් භාරයට ගත් දැරියන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව කළුබෝවිල අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කර පසුව ඔවුන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා මේ වන විට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17