Sunday, January 12, 2025
Empty Ad
AFC Banner
AFC Banner

වාහන ආනයනයට තවමත් නිශ්චිත දිනයක් නැහැ – ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

වාහන ආනයනය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත දිනයක් රජය හෝ කිසිම නිලධාරියෙක් විසින් ප්‍රකාශයට පත්කර නොමැති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසනවා.

අද (07) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී සභාපතිවරයා මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ දෙසැම්බර් මස අග හෝ එළඹෙන වසරේ ජනවාරියේ දී බස් සහ ලොරි රථ ආනයනය සඳහා අවසර ලබා දෙනු ඇති බවට විශ්වාසයක් පවතින බවයි.

මේ අතර වාහන ආනයන වෙළඳපොළ විවෘත වූ පසු වාහන මිල දී ගැනීම සඳහා ඉක්මන් නොවන ලෙසයි සභාපතිවරයා මහජනතාවට දැනුම් දෙන්නේ.

වාහන ආනයන වෙළඳපොළ විවෘත වී ටික කලකින් තරගකාරී මිල ගණන් යටතේ පාරිභෝගිකයාට අවශ්‍ය වාහනය මිල දී ගැනීමට අවස්ථා රැසක්ම විවෘතවන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු නැව් 30ක් හරවගෙන යයි - ඇමති බිමල් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:42
Video thumbnail
අපි ආවේ ටෙස්ට් මැච් එකක් ගහන්න - ආපු ගමන් නෙළාගෙන යන්නේ නෑ - ඇමති සමන්ත කියයි
04:04
Video thumbnail
මාලිමාවට අසාධාරණයක් - මාලිමා මන්ත්‍රීට තදවෙයි
05:06
Video thumbnail
අපිට හරි කරදර - බුදු දහම විනාශ කරනවා - හිමිවරු මාධ්‍ය කැඳවයි
28:25
Video thumbnail
වරායේ කට්ටිය එක්ක එක මීටින් එකයි - ජනපතිගේ නියෝගයෙන් ප්‍රශ්නය විසඳෙයි
22:23
Video thumbnail
ලංකාවේ මිනිස්සුන්ගේ දත්ත ඉන්දියාවට දෙන්න යනවා
12:47
Video thumbnail
ජනතාව අපේ ආණ්ඩුව ගැන ගොඩක් සතුටින් - නියෝජ්‍ය ඇමති මාධ්‍යට කියයි
09:10
Video thumbnail
පොංගල් කන්නවත් මිනිස්සුන්ට හාල් නෑ
04:47
Video thumbnail
මේ ආණ්ඩුවේ අවසානය ලංවෙලා තියෙන්නේ
04:30
Video thumbnail
ටයි කෝට්කාරයෝ විතරයි දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ
04:24

?