වාහන ආනයනයට තවමත් නිශ්චිත දිනයක් නැහැ – ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

වාහන ආනයනය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත දිනයක් රජය හෝ කිසිම නිලධාරියෙක් විසින් ප්‍රකාශයට පත්කර නොමැති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසනවා.

අද (07) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී සභාපතිවරයා මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ දෙසැම්බර් මස අග හෝ එළඹෙන වසරේ ජනවාරියේ දී බස් සහ ලොරි රථ ආනයනය සඳහා අවසර ලබා දෙනු ඇති බවට විශ්වාසයක් පවතින බවයි.

මේ අතර වාහන ආනයන වෙළඳපොළ විවෘත වූ පසු වාහන මිල දී ගැනීම සඳහා ඉක්මන් නොවන ලෙසයි සභාපතිවරයා මහජනතාවට දැනුම් දෙන්නේ.

වාහන ආනයන වෙළඳපොළ විවෘත වී ටික කලකින් තරගකාරී මිල ගණන් යටතේ පාරිභෝගිකයාට අවශ්‍ය වාහනය මිල දී ගැනීමට අවස්ථා රැසක්ම විවෘතවන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44