වසර 34ක පසු කොදෙව්වන් ඉතිහාසගත එක්දින තරගාවලි ජයක් ලබති

වසර 34 කට පසු පාකිස්ථානයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඊයේ (12) හැකි වුණා.

ඒ, සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගනිමින්.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඉතිහාසයේ පාකිස්ථානය එරෙහිව ලැබූ විශාලතම එක්දින තරග ජයග්‍රහණය ද වාර්තා කිරීමට කොදෙව්වන්ට ඊයේ දිනයේ හැකිවීම විශේෂත්වයක්.

දෙරට අතර පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය ලකුණු 202 කින් පරාජය කරමින් කොදෙව්වන් මෙම වාර්තාගත ජයග්‍රහණය හිමිකර ගත්තා.

කොදෙව් නායක ෂායි හොප්ගේ ලකුණු 120ක නොදැවුණු ඉනිම සහ ජේඩන් සීල්ස්ගේ සුපිරි කඩුලු හය සමඟින් කොදෙව්වන් අවසන් එක්දින තරගයෙන් මෙලෙස දැවැන්ත ජයක් හිමකර ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදින් කොදෙව් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 294ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්ථානයට පන්දුවාර 29යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 92ක් පමණයි.

ඒ අනුව මෙම තරගය කොදෙව් ක්‍රීඩකයින් ලකුණු 202කින් ජයගත් අතර තරගාවලියේ දෙවන තරගය ද කොදෙව්වන් කඩුලු 05කින් ජයගෙන තිබුණා.

මෙම එක්දින තරගාවලියේ පළමු තරගය පාකිස්ථානයට ජය හිමි වූ අතර, ඔවුන් එම තරගය ජයගත්තේ කඩුලු 05කින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35