spot_imgspot_img

වසර අටකට පසු මම යළි IPL පිටියට එනවා

ලබන වසරේ අයි.පී.එල්. තරගාවලිය සඳහා තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත්වන බව ඕස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මිචල් ස්ටාර්ක් පවසනවා.

එය ලබන වසරේ ජුනි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා කදිම සූදානමක් ලෙසයි ඔහු සළකන්නේ.

මිචල් ස්ටාර්ක් අයි.පී.එල්. තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලැබුවේ 2015 වසරේ දී වන අතර, ඒ අනුව ස්ටාර්ක්ගේ යළි අයි.පී.එල් ආගමනය සිදුවන්නේ වසර 08කට පසුවයි.

2018 වසරේ දී ක්‍රීඩක වෙන්දේසියේ දී ඔහු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්ත ද ආබාධයක් මත ඔහු එවර තරගාවලිය සඳහා එක් වූයේ නැහැ.

ලබන වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තරග කාල සටහන එතරම් කාර්යබහුල කාලසටහනක් නොවීම මත ස්ටාර්ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සමස්තයක් ලෙස ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වෙනුවෙන් වාර දෙකක දී අයි.පී.එල්. තරඟ 27ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
1
+1
7
+1
4
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?