වසරකට පසු අෆ්රිඩි ශ්‍රී ලංකාව සමඟ තරගාවලියේ දී යළිත් ජගත් ටෙස්ට් පිටියට

පාකිස්ථාන කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක මෝර්නි මෝකල් පත්කර තිබෙනවා.

හිටපු දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නා සමඟ පාකිස්ථාන ක්‍රිකට් ආයතනය මාස 06ක කාලයකට කොන්ත්‍රාත් ගතව ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ, අනුව ලබන මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් වේග පන්දු යවන්නන් සැකසීම මෝර්නි මෝකල්ගේ පළමු අභියෝගය වනවා.

මේ අතර පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩි යළි ටෙස්ට් කණ්ඩායමට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ දණ හිසේ ඇති වූ ආබාධයත් සමඟ සිදුකළ සැත්කමෙන් පසු සීමිත පන්දුවාර තරග පමණක් ක්‍රීඩා කිරීමට සිදුවුණා.

2022 වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයේ දී අෆ්රිඩි දණහිසේ ආබාධයකට ලක් වුණා.

ඒ, අනුව ඔහු යළි ජාත්‍යන්තර ටෙස්ට් පිටියට පිවිසෙන්නේ වසරකට පසුවීම විශේෂතයක්.

ටෙස්ට් තරග සංචාරය සඳහා එළඹෙන ජූලි 09 වන දින ශ්‍රී ලංකාව බලා පැමිණීමට පෙර පුහුණු කඳවුරක් සඳහා ජූලි 03 වන දින පාකිස්ථාන ටෙස්ට් සංචිතය කරච්චි හි රැස්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

තරගාවලිය වෙනුවෙන් නම්කළ පාකිස්ථාන සංචිතය

බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, ආමර් ජමාල්, අබ්දුල්ලා ෂෆීක්, අබ්රාර් අහමඩ්, හසන් අලි, ඉමාම්-උල්-හක්, මොහොමඩ් හුරෙයිරා, මොහොමඩ් නවාස්, නසීම් ෂා, නොමන් අලි, සල්මාන් අලි අගා, සර්ෆරාස් අහමඩ්, සවුද් ශකීල්, ෂහීන් ෂා අෆ්රිඩි, ෂාන් මසූඩ්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14