Empty Ad
AFC Banner
Empty Ad

වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට රුපියල් 20,000ක අල්ලස් ඉල්ලූ සැරයන්වරයෙකු රිමාන්ඩ්

පවුල අතහැර ගොස් සිටින බිරිඳකට එරෙහිව පවරා ඇති නඩුවක වරෙන්තුවක් ක්‍රියාත්මක කරදීම හා ඇයගෙන් වන්දි අයකර දීමට කටයුතු කර දෙන බව පවසා එම බිරිඳගේ ස්වාමිපුරුෂයාගෙන් රුපියල් 20,000ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන සැරයන්වරයකු මෙම මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (06) නියෝග කළා.

ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු අල්ලස් හො දූෂණ විමර්ශන කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

අදාළ අල්ලස් මුදල ලබා නොදෙන්නේ නම් නීතිවිරෝධී කටයුත්තක් සම්බන්ධයෙන් පැමිණිලිකාර සැමියාට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් පවරන බවට තර්ජනය කරමින් සැකකාර සැරයන්වරයා පැමිණලිකරුගෙන් එම රුපියල් 20,000 මුදල ඉල්ලා ඇති බව ද අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසුවා.

එම ස්වාමිපුරුෂයා සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් අනුව උපාය දූතයෙකු යොදවා සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව ද එම නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පැමිණිලිකාර පුද්ගලයා තිදරු පියකු බවත් ඔහුගේ අකමැත්ත මත බිරිඳ විදෙස්ගත වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු ගල්ගමුව අධිකරණය හමුවේ බිරිඳට එරෙහිව වන්දි ඉල්ලා නඩුවක් පවරා ඇති බවත් ඒ අනුව අධිකරණය මගින් එම බිරිඳට එරෙහිව අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත්කර තිබී ඇතිි බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ගල්ගමුව ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සැරයන්වරයෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?