වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට රුපියල් 20,000ක අල්ලස් ඉල්ලූ සැරයන්වරයෙකු රිමාන්ඩ්

පවුල අතහැර ගොස් සිටින බිරිඳකට එරෙහිව පවරා ඇති නඩුවක වරෙන්තුවක් ක්‍රියාත්මක කරදීම හා ඇයගෙන් වන්දි අයකර දීමට කටයුතු කර දෙන බව පවසා එම බිරිඳගේ ස්වාමිපුරුෂයාගෙන් රුපියල් 20,000ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන සැරයන්වරයකු මෙම මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (06) නියෝග කළා.

ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු අල්ලස් හො දූෂණ විමර්ශන කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

අදාළ අල්ලස් මුදල ලබා නොදෙන්නේ නම් නීතිවිරෝධී කටයුත්තක් සම්බන්ධයෙන් පැමිණිලිකාර සැමියාට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් පවරන බවට තර්ජනය කරමින් සැකකාර සැරයන්වරයා පැමිණලිකරුගෙන් එම රුපියල් 20,000 මුදල ඉල්ලා ඇති බව ද අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසුවා.

එම ස්වාමිපුරුෂයා සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් අනුව උපාය දූතයෙකු යොදවා සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව ද එම නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පැමිණිලිකාර පුද්ගලයා තිදරු පියකු බවත් ඔහුගේ අකමැත්ත මත බිරිඳ විදෙස්ගත වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු ගල්ගමුව අධිකරණය හමුවේ බිරිඳට එරෙහිව වන්දි ඉල්ලා නඩුවක් පවරා ඇති බවත් ඒ අනුව අධිකරණය මගින් එම බිරිඳට එරෙහිව අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත්කර තිබී ඇතිි බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ගල්ගමුව ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සැරයන්වරයෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28