වයෝවෘද්ධ මවගේ ජිවීතය බේරූ මානුෂීය මෙහෙයුම

පානදුර, ගොරකාන ප්‍රදේශයේදී බොල්ගොඩ ගඟේ දියේ ගිලීමට ලක් වූ වයෝවෘද්ධ කාන්තාවක් පානදුර උතුර පොලිසිය සහ ගොරකාන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීයගේ මැදිහත් වීමෙන් බේරා ගැනුණු පුවතක් අද (01) වාර්තා වුණා.

එම කාන්තාව උදෑසන කාලයේදී බොල්ගොඩ ගඟේ මුහුණ සෝදමින් සිටින අවස්ථාවේ ඇයට ඇති වූ ක්ලාන්ත ගතියක් හේතුවෙන් ඇය ගඟට වැටී ගසා ගොස් ඇති බවයි පැවසෙන්නේ.

මෙම අනතුර සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් ගොරකාන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීය දැනුවත් කර ඇති අතර ඇය විසින් පානදුර උතුර පොලීසිය මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පානදුර උතුර පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් සිද්ධිය වාර්තා වූ ස්ථානයට පැමිණ ඇති අතර වහාම ඒ අසල තිබූ අබලන් බෝට්ටුවක් මඟින් හබලක ආධාරයෙන් ගඟ මැදට ගොස් එම කාන්තාව බේරා ගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීය රැගත් බෝට්ටුවෙන් ගොස් එම කාන්තාව බේරා ගන්නා අවස්ථාව වන විටත් ඇය බොහෝ වෙලාවක සිට වතුරේ සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

නිලධාරීන් පිරිස ඇය අසළට යන අවස්ථාවේ ඇය දැලක පැටලී සිට ඇති අතර කොන්ක්‍රීට් කණුවක් අල්ලා ගෙන සිට තිබෙනවා.

පසුව ඇයව ගොඩට ගෙන්වා ගෙන ඇයට අවශ්‍ය ඇදුම් පැළදුම් ප්‍රදේශවාසීන් විසින් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මෙම කාන්තාව 67 හැවිරිදි හපුතලේ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් ඇය ගොරකාන ප්‍රදේශයේ තම පුතුගේ නිවසට පැමිණ ඇති බවත් පොලිසිය පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21