වප් පුර පසළොස්වක පොහොය අදයි

ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අද (20)යි.

වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙස ද හඳුන්වනු ලබයි. සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික් ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩ සිටියේ අද වැනි පොහෝ දිනකය.

සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතාණන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම, අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්‍ෂුණී සංඝයාත්, ජය ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිඳු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් තුටු පඬුරුත් රැ‍ගෙන අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ලද්දේ ද වප් පෝ දායි.

මහාරිෂ්ඨ මහ රහතන් වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංඝායනා කිරීම වැනි ඉතා වැදගත් සිදුවීම් රැසක් වප් පුර පසළොස්වක පෝය දින දී සිදු වී ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
පොහොට්ටුවට දේශපාලන වැස්සක් වැටුණා..මහින්දට කරන අවමානයක් නෙවෙයි මේ..හැමෝම නීතියට යටත්
04:35
Video thumbnail
මහින්ද ගැන ඇහුවම චාමර උත්තර නොදීම පිටව යයි..නීතිඥයන්ට සල්ලි දුන්නද ? අද නොමිලේ
01:58
Video thumbnail
මහින්ද යුගපුරුෂයාට පිළිම හදලා වඳින්න ඕනේ
01:16
Video thumbnail
වැලි කොට්ටා දාලා හදපු මාන්කඩවල වැව් බැම්ම මහ වැස්සෙන් කැඩී‍යයි..කුඹුරු ජලයෙන් යටවෙයි
04:12
Video thumbnail
නාමල් රාජපක්ෂටත් නීතිය ක්‍රියාත්මක කරන්න
02:39
Video thumbnail
මුන්ට වැඩිය ප්‍රභා හොඳයි
00:44
Video thumbnail
මහින්ද වෙනුවෙන් ආපු මිනිස්සු කිව්ව හොඳම ටික එක පෙළට
11:18
Video thumbnail
දයාසිරිට යකා නගියි - කවදාවත් මෙහෙම වෙලා නෑ..දැන් අධිකරණයටත් අත ගහනවා
05:54
Video thumbnail
කතරගම දෙයියෝ ඉන්නවා නම් මුන්ට සා#ප වෙන්න ඕනේ
01:06