වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිසක්ගෙන් මද කිපුණු කාවන්තිස්ස ඇතාට පීඩා

මේ දිනවල ගල්ගමුව, කාසිකොටේ ප්‍රදේශයේ දී ශ්‍රී ලංකාවේ විශාලතම ඇතෙක් ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතා මද කිපුණු කාලය තුළ අලි රංචුවක් සමඟ දුම්රිය මාර්ගය සහ ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරන දර්ශන දැකබලා ගැනීම සඳහා විශාල පිරිසක් එම ප්‍රදේශයට පැමිණෙමින් සිටින බව වාර්තා වනවා.

අසල්වැසි ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව මෙන්ම වනජීවී ඡායාරූප ශිල්පීන්, මාධ්‍යකරුවන් ඇතුළු පිරිස් ද කාවන්තිස්ස ඇතා සහ අලි රංචුව මාර්ගය හරහා ගමන් කරන දර්ශන ඡායාරූපගත කිරීමට සහ වීඩියෝගත කිරීමට විශාල වශයෙන් එක්වන බව දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත්, මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ, කාවන්තිස්ස ඇතා මාර්ගය හරහා ගමන් කරන අවස්ථාවේදී ඔහුට අසලින්ම ගොස් ඡායාරූප සහ වීඩියෝ ලබා ගැනීමට කිහිපදෙනෙක් කටයුතු කරන ආකාරයයි.

එම පිරිස ඇතාගේ ඡායාරූප සහ වීඩියෝ ලබා ගැනීමට උත්සාහ කරන අවස්ථාවේදී, ඇතා එම පිරිස පසුපස පන්නා යන ආකාරයද අදාළ වීඩියෝ පටයේ දැක්වෙනවා.

මද කිපුණු තත්ත්වයක සිටින කාවන්තිස්ස ඇතා වැනි දැවැන්ත වන ඇතෙකුට මෙලෙස අසලටම ගොස් ඡායාරූප සහ වීඩියෝ ලබා ගැනීමට කටයුතු කිරීමෙන් සත්වයා ආවේගශීලී වීමේ අවදානමක් පවතින අතර, එමඟින් මිනිස් ජීවිතවලටද බරපතළ අනතුරක් සිදුවිය හැකි බව වනජීවී ක්ෂේත්‍රයේ පිරිස් පෙන්වා දෙනවා.

වනජීවී ඡායාරූප ශිල්පියෙකුගේ වගකීම විය යුත්තේ සත්වයාගේ ස්වාභාවික හැසිරීමට බාධා නොකර ආරක්ෂිත දුරක සිට එම දර්ශන වාර්තා කිරීම මිස, ඡායාරූපයක් හෝ වීඩියෝවක් ලබා ගැනීම සඳහා සත්වයාට පීඩාවක් ඇති කිරීම නොවන බවද ඔවුන් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43