ලෝක කුසලානය දිනූ නායකයින්ට අයි.සී.සීයෙන් ඇරයුමක්

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය කළ ජයග්‍රාහී නායකයින්ට විශේෂ ආරාධනයක් සිදුකර තිබෙනවා.

ලබන 19 වනදා අහමදාබාද් හී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගය වෙනුවෙන් මෙම ආරාධනය සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව ජයග්‍රාහී සියලුම නායකයින් අයි.සී.සී ආරාධනයට අනුව නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට රැස්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර 1996 වසරේ දී ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංගගෙන් මේ සම්බන්ධයෙන් අප විමසා සිටියා.

එහිදී හිටපු නායකයා සඳහන් කළේ එවැනි ආරාධනයක් මේ දක්වා තමන්ට නොලැබුණු බවත්, ජේ ෂා විසින් තමන්ට එවැනි ආරාධනයක් සිදු නොකරනු ඇති බවයි.

අයි.සී.සීය විසින් සිදුකළ මෙම ආරාධනය මත එම අවස්ථාවට සහභාගී වීමට පාකිස්ථානය වෙනුවෙන් එක්දින ලෝක කුසලානය දිනා දුන් සුපිරි ක්‍රීඩක ඉම්රාන් ඛාන්ට මඟ හැරී තිබෙනවා.

ඒ, ඔහු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවීම හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21