ලොරි රථයක ගැටී හිමිනමක් අපවත් වෙති

පේරාදෙණිය පොලිස් වසමේ පේරාදෙණිය – රජවත්ත මාර්ගයේ රජවත්ත ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් හිමිනමක් අපවත් වී තිබෙනවා.

පේරාදෙණිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන්කල හිමිනමකගේ ගැටී මෙම අනතුර ඊයේ (16) පෙරවරුවේ සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ හිමිනම පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී තිබෙනවා.

මෙලෙස අපවත් වී ඇත්තේ අවුරුදු 83ක් වූ බෝවලවත්ත ප්‍රදේශයේ ආරාමයක වැඩවාසය කළ හිමිනමක්.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පේරාදෙණිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
7
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted