ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නව නිවසක් ප්රදානය කර තිබෙනවා.
එහි ප්‍රදාන පත්‍රය අග්‍රාමාත්‍යවරයා විසින් අරලියගහ මන්දිරයේදී දිනේෂ් ප්‍රියන්තට පිරිනැමූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ මැදිහත්වීමක් අනුව නව නිවස පිරිනමා තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 02, කොම්පඤ්ඤ වීදියේ පිහිටි නිවාස ව්‍යාපෘතියකින් නිදහස් දීමනාවක් ලෙස එම නිවස දිනේෂ් ප්‍රියන්තට ප්රදානය කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.














aaa yako dan meka agamathi denna aththe madamulane pol mure wikunala hadala wennathi..