ලංගම බසයකට ප්‍රහාරයක් – දෙදෙනෙකු රෝහලට

පොළොන්නරුවේ සිට මහරගම අපේක්ෂා රෝහල දක්වා ධාවනය වන ලංගම බස් රථයකට අද (19) අලුයම 2.45ට පමණ පහරදීමක් සිදු කර තිබෙනවා.

කඳුරුවෙල බස් නැවතුම්පොළේ දී ලංගම බස් රියෙහි රියදුරු හා කොන්දොස්තරවරයා මෙම පහරකෑමට ලක් ව ඇති බවයි වාර්තා වන්නේ.

කඳුරුවෙල නගරයේ සිට කොළඹ බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු මෙලෙස පහර දී ඇති අතර; පහරකෑමට ලක් වූ පුද්ගලයින් දෙදෙනා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පහරදීමට හේතුව වී ඇත්තේ; බස් රථවල ගමන් වාර වේලාවන් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම බවයි පොලිසිය කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02