AFC Banner
Empty Ad
Empty Ad

රොෂාන්ගෙන් මෛත්‍රීට දැඩි ප්‍රහාරයක්

“ගොවියාට වෙච්ච දැවැන්තම ඛේදවාචකය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලේ. එතුමා පොහොර සහනාධාරය කප්පාදු කලා. වී අලෙවි මණ්ඩලය අකර්මන්‍ය කළා” යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එසේ පැවසුයේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා අයතනයේ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ ඊයේ (11 දින) වැඩ බාර ගැනීමේ උත්සවයෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

“පරිණත දේශපාලනඥනයෙක් විදිහට එතුමා ආණ්ඩුව නියෝජනය කරනවාද නැතහොත් විපක්ෂය නියෝජනය කරනවාද කියලා. කුමන්ත්‍රණ එළියට එනවා. මේවා කතා කල යුත්තේ අභ්‍යන්තරයෙන්. ආණ්ඩුවක් ඇතුලේ ඉන්න කොටසක් හැටියට එතුමා කණ්ඩායම් රැස්වීමෙදී කතා නොකර එක එක මාධ්‍ය වලට මේ වාගේ ප්‍රකාශන දෙනවා.

කෘෂීකර්මන්තයේ ඛේදවාචකය ඇති වුනේ යහපාලන ආණ්ඩුව කලේ. එතුමා ජනාධිපති වෙලා ඉන්න කාලේ. එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දුන් පොහොර සහනාධාරය කප්පාදු කලා , ජනතාවට කඹුරු වැඩට අවශ්‍ය වතුර ටික නැතුව ගියෙත් එතුමාගේ කාලේ. මහින්ද රාජපක්ෂ මහතා 2015 යනවිට ගබඩා වල ඉඩ නැහැ කියලා ගුවන්තොටුපලෙත් වී ගබඩා කලා.

වී අලෙවි මණ්ඩලය අකර්මන්‍ය කිරීමේ වගකීම හිටපු ජනාධිපතිතුමා බාර ගත යුතුයි.

එම නිසා ගොවියට වෙච්ච දැවැන්තම ඛේදවාචකය වුණේ ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලේ. හොඳ තීන්දුවක් අරන් තියෙනවා ජනාධිපතිතුමා කාබනික වගාව දියුණු කරන්න. ආනගත පරපුර සුරක්ෂා කරන්න. රසායනික පොහොර අපි පුළුවන් තරම් අඩුකරගෙන යන්න ගත්තේ හොඳ තීරණයක්.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයට අපි කියනවා ගේ ඇතුලේ කතා කරන්න තියෙන එක පිටත කතා කරලා පරිණත දේශපාලඥනයෙක් විදිහට දුර්වල ස්වරූපයක් ගෙන එන්න එපා කියලා. යම් හානියක් ගොවියාට සිද්ධ වුනොත් අපි රජයක් විදිහට එම හානිය ගෙවන්න බලාපෙරොත්තු වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40
Video thumbnail
මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
03:30
Video thumbnail
සුන්දර ඇල්ල අසුන්දර වුණු හැටි
01:23
Video thumbnail
වසන්ත සමරසිංහ මොන සිප්පි කෑල්ලක්ද - වසන්තගේ රෙදි ලෙෆ්ට්
09:26

?