රෙජිස්ට්‍රාර් සේවයට අලුතින් බැඳෙන 49කට පත්වීම් ලිපි

පසුගිය මාර්තු මස 01 වන දින පවත්වන ලද විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත, කුසලතා අනුපිළිවෙලට සුදුසුකම් ලත් අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ 2026.07.01 දින පවත්වන ලද අතර එහි ප්‍රතිඵල අනුව සුදුසුකම් සපුරාලූ අයදුම්කරුවන් 49 දෙනෙක් වෙත ඊයේ (23) දිනයේ පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්නගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා.

මෙම නව නිලධාරීන් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් පුරප්පාඩු සඳහා අනුයුක්ත කිරීමට නියමිතයි.

උත්සව සභාව ඇමතූ මහාචාර්ය චන්දන අබයරත්න පෙන්වා දුන්නේ උපතේ සිට මරණය දක්වා අවශ්‍ය සහතික ලබාගැනීමේදී ජනතාව මුහුණ දුන් කටුක අත්දැකීම් අනාගත පරපුරට මුහුණ දීමට සිදු නොවෙන ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් මරණාධාර සමිතියකින් ලබාදෙන සහනයක් ගැනීමට, රක්ෂණ වන්දි, වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ආදී බොහෝ සහන ලබාගැනීමට ගන්න මරණ සහතිකය කඩිනමින් ලබා දීමට අවශ්‍ය බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14