Fly high Get bonus Aviator Phone

රුපියල් හයකෝටිය ඉක්ම වූ කුෂ් සමග කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට

රුපියල් හයකෝටි විසි නවලක්ෂ හැත්තෑ හය දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන්තොටුපොළ සියලුම පරීක්ෂණ නිමවා, ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාවන් තිදෙනෙකු අද (19) දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙම කාන්තාවන් තිදෙනා කොළඹ – වැල්ලම්පිටිය සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25, 48 සහ 50 වයස්වල පසුවන ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතික ව්‍යාපාරික කාන්තාවන් පිරිසක් බවයි.

ඔවුන් කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 248 ක් බරැති මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිල දී ගෙන, ඒවා සිය ගමන් මළු 04 සඟවාගෙන ඉන්දියාවේ බැංග්ලෝර් නුවර වෙත පැමිණ තිබෙනවා.

ඉන්පසුව සැකකාරිණියන් තිදෙනා අද අලුයම 12.00 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට, ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1183 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකාරිණියන් පිරිස ඔවුන් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය සමග අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?