රාජාංගණය ඕ.අයි.සීට මරණ තර්ජන කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා අධිකරණයට

රාජාංගණය ප්‍රදේශයේ පැවති සැණකෙළියක් සම්බන්ධ සිද්ධියකට, රාජාංගණය පොලිසියේ ස්ථානාධිපතිවරයාට තර්ජනය කළ බව කියන ප්‍රකට ව්‍යාපාරිකයා අද (26) නොච්චියාගම අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

රාජාංගනය පොලිසියෙන් අප කළ විමසීමක් දී මේ බව සඳහන් කර සිටියා.

ආදාළ සැණකෙළිය තවත් දින කිහිපයක් පැවැත්වීමට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා විසින් ස්ථානාධිපතිවරයාට මෙලෙස මරණ තර්ජන සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 23 වනදා රාත්‍රියේ අදාළ ව්‍යාපාරිකයා විසින් මෙම තර්ජනය කිරීම සිදුකර ඇති අතර, රාජාංගණය පොලිසියේ ස්ථානාධිපතිවරයා එම ප්‍රදේශය භාර ඉහළ පොලිස් නිලධාරියෙකුට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බව සඳහන්.

මෙම සැණකෙළියට පාර්ශ්ව රැසකින් විරෝධතා එල්ලවීම හේතුවෙන් එය තවදුරටත් පැවැත්වීමට මෙලෙස පොලිසිය අවසර ලබාදී නැහැ.

මේ අතර ඉදිරි දින 07ක කාලය තුළ පැවැත්වීමට තිබූ මෙම සැණකෙළිය අවලංගු කළ බව අදාළ ව්‍යාපාරිකයා සිය නිල ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ඊයේ (25) පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27