රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට අවස්ථාවක්

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

ඒ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහායි.

එම උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම වෙනුවෙන් තරග විභාගයක් පැවැත්වෙන අතර ඒ සඳහා වන අයදුම්පත් කැඳවීමේ නිවේදනය රජයේ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කර තිබෙනවා.

අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය ලබන පෙබරවාරි මස 10 වනදායි.

මේ සඳහා අයදුම් කිරීම applications.doenets.lk/exams යන වෙබ් අඩවිය වෙත පිවිස සිදු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය කියාසිටියේ.

Education
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?