රාජ්‍ය සේවකයින් ගන්න දිගු කාලීන නිවාඩු කැබිනට් සංශෝධනයකින් වෙනස් වෙයි

ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ඡේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීම

රජයේ නිලධරයන්ගේ නිවාඩු සම්බන්ධයෙන් විධිවිධාන ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ඡේදයේ ඇතුළත් වනවා.

දිවයිනෙන් බැහැරව නිවාඩුවක් ගත කර පැමිණ මාස 09ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කිරීමට පෙර නැවත දිවයිනෙන් බැහැර නිවාඩුවක් ඉල්ලුම් කරන රජයේ නිලධරයෙකුට ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 8:5 උප වගන්තියේ විධිවිධාන අනුව නිවාඩු ලබා දිය හැක්කේ එම වර්ෂයට අදාළ විවේක නිවාඩු කිසිවක් ඒ වන විට ලබා ගෙන නොමැති නම් පමක් බවයි වාර්තා වන්නේ.

එකී විධිවිධාන අනුව යම් නිලධාරියෙකුට එක් ලිත් වර්ෂයක් තුළ දී පෞද්ගලික කාරණ සඳහා විදේශගත වීමට හැකියාව පවතිනුයේ උපරිම වශයෙන් දෙවතාවක් පමණක් වනවා.

වර්තමානයේදී රජයේ නිලධරයන් රාජකාරි අවශ්‍යතා සඳහා මෙන්ම, පෞද්ගලික අවශ්‍යතා සඳහා ද කෙටිකාලීනව විදේශගත වන බැවින් ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ඡේදයේ 8:5 උප වගන්තියේ විධිවිධාන අනුව කටයුතු කිරීමේදී විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදු වන බව නිරීක්ෂණය වන බවයි කැබිනට්‍ මණ්ඩල සාකච්ඡාවේ දී අනාවරණය වී ඇත්තේ.

එබැවින්, මෙරටින් බැහැරව ගත කරන නිවාඩුවකින් පසු රාජකාරියට වාර්තා කළ නිලධරයෙකු, එම වර්ෂයේදීම නැවත වරක් විදේශ නිවාඩු ලබා ගැනීමට අදහස් කරන විට එම නිලධරයාට එසේ නිවාඩු ලබාගන්නා වර්ෂයට හිමි ඉතිරි විවේක නිවාඩු ලබා ගැනීමට හැකි වන පරිදි ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30