රත්‍රං T56 නඩුවේ සැකකාර දුමින්දට දිසානායකට ඇප

වැල්ලවත්ත නිවාස සංකීරණයක දී පොලිස් භාරයට ගත් T-56 ගිනි අවිය සම්බන්ධව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ නඩුව අද (10) ගල්කිස්ස අධිකරණයේ අංක එක උසාවියේදී වැඩ බලන මහේස්ත්‍රාත් රවී මතුගම ඉදිරියේදී කැඳවනු ලැබුවා.

එහිදී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අධිකරණය හමුවේ කියා සිටියේ විමර්ශන සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත මුල් අවස්ථාවේදී තමන් විසින් උදෘත ගොනුකිරීමක් සිදුකල බවත් එහිදී උපදෙස් ලබාදීමට පෙර හතර වන සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි නොමැති හෙයින් ප්‍රමාණවත් සාක්ෂි නොවන බවට අධිකරණය විසින් තීරණය කර හතරවන සැකකරු නිදහස් කරන ලද බවයි,

අනතුරුව නීතිපතිවරයා ගේ උපදෙස් මත පලවන සැකකාරියගෙන් වැඩිදුර ප්‍රකාශයක් සටහන් කරගන්නා ලද බවයි.

ඒ අනුව අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව එම ප්‍රකාශ නීතිපතිවරයා වෙත යොමු කළ අතර එහිදී නීතිපතිවරයා විසින් පළවන සැකකාරිය මෙම නඩුවෙන් නිදහස් කිරීමට උපදෙස් ලබාදී තිබුණා.

තවද හතරවන සැකකරු නැවත නඩුවට ඇතුළත් කිරීම සඳහා උපදෙස් ලබාදීමක්ද සිදුකරනු ලැබුවා.

මුල් අවස්ථාවේදී ගිනි අවියක් බැහැර කිරීමේ චෝදනාව යටතේ සිව්වන සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදුකර තිබුණා.

පසුව උපදෙස් ලබාදීමක් සිදු කරන්නේ දෙවන සැකකාරිය සන්තකයේ ගිනි අවිය තබා ගැනීම සම්බන්ධයෙන් ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් පසුගිය අවස්ථාවේදී ඉදිරිපත් කරන ලැබුවා.

ඒ අනුව අධිකරණය විසින් දුමින්ද දිසානායක යන අයව නැවත සැකකරුවෙකු ලෙසට නම් කර තිබෙනවා.

තවද නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන අවසන්කර ගොනු යොමු කිරීමක් සිදු කර ඇති අතර මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරන බවට නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

වැඩිදුර උපදෙස් ලබා මේ පිළිබඳ වාර්තා කිරීමට දිනයක් ලබා දෙන ලෙසට ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයේ පෙනී සිටිය අතර ගිනි අවිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් දුමින්ද දිසානායකට එරෙහිව කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති වීම හේතුවෙන් පසුගිය වර්ෂයේ ජූලි 29 වන දින මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු නිදහස් කළ බවත් මේ සම්බන්ධයෙන් තමන් මහාධිකරණයේදී අභියෝගාත්මක කරුණු දැක්වීමක් සිදුකරන බවට පැවසුවා.

ඒ අනුව සැකකාර දුමින්ද දිසානායක රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

නීතිපති උපදෙස් සඳහා නැවත මෙම නඩුව දෙසැම්බර් මස 11 වන දින කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48