Rajapura Handi Oil
Rajapura Diabetic Powder

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර අධිකරණයට පැමිණෙයි

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මීට සුළු මොහොතකට පෙර අධිකරණය වෙත පැමිණියා.

ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ඔවුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සඳහායි.

නීතිපතිවරයා විසින් ගොනුකර ඇති මෙම නඩුවේ තීන්දුව අද (31) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශයට පත් කෙරෙනවා.