නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ

සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්.එස්.පී. යූ.එස්.පී. එන්.පී.එස්. පී.එස්.සී. ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වන යුද හමුදාපති ලෙස පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (31) පස්වරුවේ ඔහු වෙත භාරදෙනු ලැබුවා.

අගෝස්තු මස 01 වනදා සිට බල පැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති අතර, වත්මන් යුද හමුදාපති ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ අද (31) සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතයි.

මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි සිසුවකු වන ප්‍රේමරත්න මහතා, 1990 වසරේ ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව තිබෙනවා.

1992 වසරේදී දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ මූලික යුද පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් වූ අතර, පසුව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට අනුයුක්ත කෙරුණා.

ඔහු ඇමරිකානු එක්සත් ජනපද කැලිෆෝනියාවේ නාවික පශ්චාත් උපාධි පාසලෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද (M.Def.S) හිමි කරගෙන තිබෙනවා.

වසර 36ක විශිෂ්ට යුද හමුදා සේවා දිවිය තුළ දෙස් විදෙස් විවිධ වෘත්තීය සහ විශේෂඥ පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇති ප්‍රේමරත්න මහතා, මානුෂීය මෙහෙයුමේ දී දැක්වූ නිර්භීතභාවය වෙනුවෙන් රණශූර පදක්කම දෙවරක් ද, යුද හමුදා දිවිය තුළ දැක්වූ විශිෂ්ටත්වය අගයමින් උත්තම සේවා පදක්කම ද හිමි කරගත් රණවිරුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21