මීගමුව බන්ධනාගාර සිද්ධියට පස්වන සැකකරුත් නම් කරයි – සැකකරු අදම උසාවි ගේන්න නියෝග

මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් පස්වන සැකකරු ද නම්කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (31) අධිකරණයට දැනුම් දුන්නා.

පල්ලේගමගේ දිනුක ලක්මාල් හෙවත් ‘ලැම්බා’ නැමැත්තා සිද්ධියේ පස්වන සැකකරු ලෙස නම්කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය වෙත දැනුම් දුන්නේ.

ඒ, අනුව අද (31) දිනය තුළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිය වෙත මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.