රට රැකියා හීන දුන් ව්‍යාජ ඒජන්සි ලොක්කෝ අත්අඩංගුවට

ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගත් පුද්ගලයෙකු ව සහ වලංගු බලපත්‍රයක් නොමැති ව ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය අයෙකු ව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද දහවල් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි.

ජපානයේ රැකියා ලබාදෙන පවසා තමන්ගෙන් රුපියල් 9,35,000 ක මුදලක් ලබාගත් නමුත්; මේ වන තුරු රැකියාව නොලැබුණු බවට වන පැමිණිල්ලක් මතයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව මුදල් ලබාගත් බව කියන නුවරඑළිය – කදපොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අද විදේශ සේවා නියුක්ති කාර්යංශයට කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.

එම අවස්ථාවේදීයි අදාළ සැකකරු ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර,කටුනායක – ඩබ්ලිව්.ඒ ද සිල්වා මාවතේ පවත්වා ගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් ද ඊයේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් වටලනු ලැබුවා.

එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 20 ක්, රැකියා ලබාදීමට අදාළ ලිපි ගොනු 31 ක් සහ රැකියා අයදුම්
පත්‍ර 05 ක් ද වැටලීම කළ නිලධාරීන් තම භාරයට ගෙන තිබෙනවා.

එම ව්‍යාජ විදේශ රැකියා ස්ථානය පවත්වාගෙන ගිය බව කියන මීගමුව – දළුපොත පදිංචිකරුවෙකු ද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මාලිගාවත්ත සහ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51