රටවල් 12ක පුරවැසියන්ට ඇමරිකාව පැනවූ තහනම අද සිට ක්‍රියාත්මකයි

රටවල් 12ක් සඳහා ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධායක නියෝගය අද (09) සිට බලාත්මක වනවා.

විදේශීය ත්‍රස්තවාදින්ගෙන් ඇමරිකාව ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් ඇමරිකාවනු ජනපතිවරයා එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව ඉරානය, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ලිබියාව, සෝමාලියාව, යේමනය සහ සුඩානය යන රටවල පුද්ගලයින්ට අද (09) දිනයේ සිට ඇමරිකාවට ඇතුළුවිම තහනම් වනවා.

ඊට අමතරව බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල පුද්ගලයින් සඳහා ඇමරිකාවට ඇතුළුවීම අද සිට අර්ධ වශයෙන් සීමා කර තිබෙනවා.

කොලරාඩෝ ප්‍රාන්තයේදි ඊජිප්තු ජාතිකයකු එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු විදෙස් ත්‍රස්තවාදින්ගෙන් ඇමරිකාව ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?