රටවල් හතරකින් එක්සත් ජනපදයට න්‍යෂ්ටික අභියෝග – ජාතික බුද්ධි ප්‍රධානියා අනතුරු අඟවයි

එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ්, ගෝලීය ආරක්ෂක තර්ජන උත්සන්න වීම පිළිබඳ දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, රුසියාව, චීනය, උතුරු කොරියාව සහ පාකිස්ථානය එක්සත් ජනපදය මුහුණ දෙන වැදගත්ම න්‍යෂ්ටික අභියෝග ලෙස හඳුනාගෙන ඇතැයි සඳහන් කර තිබෙනවා.

ඇගේ මේ ප්‍රකාශය සිදුවන්නේ. භූ දේශපාලනික ආතතිය ඉහළ ගොස් ඇති සහ එක්සත් ජනපද විරුද්ධවාදීන් අතර මිසයිල හැකියාවන් වේගයෙන් ව්‍යාප්ත වීම පිළිබඳව වැඩිවන කනස්සල්ලක් පවතින අවස්ථාවකයි.

සෙනෙට් මණ්ඩලයේ බුද්ධි අංශ කමිටුව ඉදිරියේ ඇයගේ සාක්ෂියේදී, ගැබාර්ඩ් පැවසුවේ, එක්සත් ජනපදයට පහරදිය හැකි මිසයිල සංඛ්‍යාව 2035 වන විට 16,000 ඉක්මවනු ඇති බවයි.

වර්තමාන ඇස්තමේන්තුව ආසන්න වශයෙන් 3,000 ක් පමණ වනවා.

ඉරානය, ත්‍රස්තවාදී තර්ජන සහ උපායමාර්ගික ගැටළු ඇතුළු බටහිර ආසියාවේ වර්ධනයන් පිළිබඳ පැහැදිලි කරමින්, 2025 ජුනි මාසයේදී සිදුකරන ලද එක්සත් ජනපද මිලිටරි ප්‍රහාර මගින් ඉරානයේ න්‍යෂ්ටික පොහොසත් කිරීමේ වැඩසටහනට මුළුමනින්ම අතු ගා දැමූ බව පවසන ගැබාර්ඩ් එය යළි ගොඩනැගීමට වසර ගණනාවක් ගත වනු ඇතැයි පැවසුවා.

එසේ තිබියදීත්, ඉරානය එහි ප්‍රොක්සි කණ්ඩායම් ජාලය සහ මිලිටරි හැකියාවන් හරහා සැලකිය යුතු කලාපීය තර්ජනයක් එල්ල කිරීම දිගටම කරගෙන යන බවට ඇය අනතුරු ඇඟවූවා.

ඇගේ තක්සේරුවට අනුව, බටහිර ආසියාව පුරා එක්සත් ජනපද හමුදා සහ මිත්‍ර පාක්ෂික ඉලක්ක වෙත පහරදීමේ හැකියාව ඉරානයට තවමත් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42