මහා මාර්ගයක දී පිරිසක් විසින් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ (26) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
කිරිබත්ගොඩ නගරයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි පසුව තොරතුරු වාර්තා වුණේ.
ඒ, අනුව මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් අරඹා ඇති අතර, එහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පහර කෑමට ලක්වූ පුද්ගලයා පුද්ගලික ආයතනය හිමිකරුවෙක් ලෙස කටයුතු කරන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
එම පුද්ගලයා තම ආයතනයේ සේවය කරනු ලබන තරුණියක් සමඟ ආයතනයේ කටයුත්තක් සඳහා කඩවත ප්‍රදේශයට මෝටර් රථයකින් ගොස් තිබෙනවා.
එම සිදුවීමට ආයතනයේ හිමිකරු සමඟ තරුණියයේ පෙම්වතා බව කියන පුද්ගලයා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
එය දුරදිග යාමෙන් ඇති වූ විරසකය මත අදාළ පෙම්වතා තවත් පුද්ගලයෙකු සමඟ පැමිණ එම පුද්ගලික ආයතනයේ හිමිකරුට ඊයේ (26) මෙලෙස මහ මඟ දී පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම සිද්ධියට තරුණියගේ පෙම්වතා බව කියන පුද්ගලයා සහ ඔහු සමඟ පහරදීමට පැමිණි අනෙක් පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22 සහ 24 යන වයස්වල පසුවන මාකොළ සහ කැළණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
කිරිබත්ගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.