මහා මාර්ගයක දී පිරිසක් විසින් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ (26) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
කිරිබත්ගොඩ නගරයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි පසුව තොරතුරු වාර්තා වුණේ.
ඒ, අනුව මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් අරඹා ඇති අතර, එහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පහර කෑමට ලක්වූ පුද්ගලයා පුද්ගලික ආයතනය හිමිකරුවෙක් ලෙස කටයුතු කරන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
එම පුද්ගලයා තම ආයතනයේ සේවය කරනු ලබන තරුණියක් සමඟ ආයතනයේ කටයුත්තක් සඳහා කඩවත ප්‍රදේශයට මෝටර් රථයකින් ගොස් තිබෙනවා.
එම සිදුවීමට ආයතනයේ හිමිකරු සමඟ තරුණියයේ පෙම්වතා බව කියන පුද්ගලයා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
එය දුරදිග යාමෙන් ඇති වූ විරසකය මත අදාළ පෙම්වතා තවත් පුද්ගලයෙකු සමඟ පැමිණ එම පුද්ගලික ආයතනයේ හිමිකරුට ඊයේ (26) මෙලෙස මහ මඟ දී පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම සිද්ධියට තරුණියගේ පෙම්වතා බව කියන පුද්ගලයා සහ ඔහු සමඟ පහරදීමට පැමිණි අනෙක් පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22 සහ 24 යන වයස්වල පසුවන මාකොළ සහ කැළණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
කිරිබත්ගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














මොන ප්‍රශ්නය වුණත් නීතිය අතට ගන්න ඔවුන්ට බැහැ මෙම පුද්ගලයාට මෙම පහරදීම නිසා කිසියම් වැරදි ස්ථානයකට පහරක් එල්ල වුවහොත් මරණයට පත්වෙනවා එතකොට කවුද වැරදි මොන වැරැද්ද කරත් මොනා ප්‍රශ්නය තිබුණත් නීතිය අතට ගත්ත එකයි වැරැද්ද හැම වැරැද්දකට ම ඔහොම නීතිය අතට අරන් කටයුතු කරනවා නම් මේ ලංකාවට ොලිසියක් අවශ්‍ය වෙන්නේ නැහැ . මොවුන්ට දඬුවම් කර යුතුයි මේ වගේ පුද්ගලයින් ලංකාවටම පිලලයක්
.දැන් කෙල්ලට ජොබ් එකත් නෑ.
අරගලයෙන් ලැබුනු ප්‍රචණ්ඩකාරී වී දේවල් වලට පිළිතුරු සෙවීම. අප්පුඩි ගහපු කලුකෝට් බෑයෝ මේවාට වග කියන්න ඕනේ. USAID එකෙන් සල්ලි අරන් ඉන්න බෑ දැන්. අවනීතියට උල් පන්දම් දුන්නු හැත්ත.
අරගලයට ජයවේවා ❤️
meka araala purasnyak nove ban kuuttana purasnayak
Yet most of our people are in an oudated era to assault a person blindly. Beletting human life and discrimination among sex lead to degrading SL society.Should examine whether the assaulters are exposed to drugs or under heavy liquor!
horakana untalabena danduvama
kuuttanaya kirimata thath kireemak