රජයෙන් මාස තුනකට ආර්ථික සහන පැකේජයක් – වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 100ක්

වර්තමාන ඇතිව තිබෙන ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් ආර්ථිකට සිදුව ඇති බලපෑම මත පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් රජය අද (07) නව ආර්ථික සහන පැකේජයක් ඉදිරිපත් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම සහන පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර මාස තුනක කාලයක් සඳහා මෙම ආර්ථික සහන පැකේජය සකස් කර තිබෙනවා.

ඒ, අනුව මෙම සහන පැකේජය සඳහා රජය විසින් රුපියල් බිලියන 100ක මුදලක් වෙන්කර ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

මෙම සහන පැකේජය යටතේ පොහොර සහනාධාරය ඉහළ දැමීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

ඒ අනුව වී ගොවිතැන සඳහා හෙක්ටයාරයකට ලබාදෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය යල කන්නය සඳහා රුපියල් 30,000ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසුවා.

ඊට අමතරව අතිරේක භෝග සඳහා හෙක්ටයාරයකට ලබාදෙන රුපියල් 15,000ක මුදල රුපියල් 18,000දක්වා ඉහළ නැංවීම ද මෙහිදී කටයුතු කර තිබෙනවා.

මේ අතර අස්වැසුම වැඩසටහන යටතේ ලියාපදිංචි වීසිටින අඩු ආදායම්ලාභී කාණ්ඩයන් සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා අප්‍රේල් මාසය සඳහා ලබාදෙන දීමනාව ඉහළ දැමීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඒ, අනුව මේ වනවිට ලබාදෙන රුපියල් 17,500 දීමනාව රුපියල් 25,000 දක්වා ඉහළ දමා ඇති අතර, රුපියල් 10,000 අස්වැසුම දීමනාව රුපියල් 15,000ක් දක්වා දමා තිබෙනවා.

අස්වැසුම දීමනාව ලබාගැනීම සඳහා සංක්‍රාන්තික අවදියේ සිටින පුද්ගලයින්ගේ දීමනාව රුපියල් 2500කින් ඉහළ දැමීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

මේ අතර ඉන්ධන මිල ඉහළ යාම සහ පවතින වියළි කාලගුණික තත්ත්වයත් හේතුවෙන් විදුලිය ජනනය කිරීම සඳහා තාප බලාගාර යෙදවීම වෙනුවෙන් දැරීමට සිදුවන අමතර පිරිවැය විදුලි පාරිභෝගිකයන් වෙත විතැන් කිරීම වෙනුවට, ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයින්හට සහනයක් ලබාදීමට හැකි වන පරිදි අදාළ අමතර පිරිවැය මාස 03ක කාලයක් සඳහා රජය විසින් දැරීමට තීරණය කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

මීට අමතරව එළඹෙන මැයි මාසයේ පළමු වෙනිදා හෝ ඒ ආසන්න දිනයක දී ඉන්ධන පිරිවැය ගාස්තු නැවත ගෙන ඒමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව මීළඟ ඉන්ධන ගැලපුමේ දී සත්‍ය ගාස්තුවට ගණනය කර, ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක් දක්වා සහනාධාරයක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20ක් දක්වා සහනාධාරයක් ලබාදෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

මෙම සහනාධාරය වෙනුවෙන් මසකට රුපියල් බිලියන 20ක මුදලක් වැයවන බවත් ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම එක් දින ධීවර යාත්‍රාවක් සඳහා දිනකට ලීටර 25 බැගින් මසකට උපරිම දින 25ක් දක්වා ලබාදෙන ඉන්ධන සඳහා ලීටරයකට රුපියල් 50 බැගින් වූ සහනාධාරයක් ද මෙම මාස 03ක කාලය තුළ ලබාදීමට නියමිතයි.

ඊට අමතරව ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින ධීවර යාත්‍රාවක් සඳහා මාස තුනක කාලයකට රුපියල් 150,000 එකවර ගෙවනු ලබන දීමනාවක් ලබාදීමට ද තීරණය කර ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42