රජයෙන් තීන්දුවක් නොලැබුණහොත්; හෙට ඉඳන් දුම්රිය වර්ජනයක්(වීඩියෝ)

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගැටලු සම්බන්ධ ව ප්‍රවාහන අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අවධානය යොමු නොකළහොත්; හෙට (30) දිනයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයකට එළඹෙන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනය කරනවා.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අද (29) දිනයේ දී ප්‍රකාශ කළේ; දිනෙන් දින ඔඩුදුවන දෙපාර්තමේන්තුවේ පරිහානිය සහ පරිපාලන ගැටලු පිළිබඳව පසුගිය දිනවල දී වරින්වර මාධ්‍ය තුළින් දැනුවත් කිරීම් සිදු කෙරුණ ද;
පාලන අධිකාරිය සමග සාකච්ඡා කළ ද සාධාරණ විසඳුමක් ඊට නොලැබුණු බවයි.

දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීමට මැලිවෙන යටත් නිලධාරීන් පිරිසක් සමග ඇති වුණු මෙම ගැටලු සම්බන්ධයෙන් නිසි විසඳුමක් දුම්රිය සාමාන්‍ය අධිකාරියවරයාට අද දිනයේ දී ලබාදීමට නොහැකි වූ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවේදී දැනුම්දුන්නේ.

එබැවින් හෙට දිනයේ දී අමාත්‍යාංශ ලේකම්වරයා හෝ අමාත්‍යවරයා ලබාදෙන සාකච්ඡාවෙන් අනතුරුව මෙම වැඩ වර්ජනය සිදු කරනවා ද නැද්ද යන්න පිළිබඳව තීරණය කෙරෙනු ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54
Video thumbnail
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට එයි - "දන්නේ නෑ ඉතින්..ගිහින් ඇවිත් කතා කරමු"
00:42
Video thumbnail
පාරම්පරික වෛද්‍ය ප්‍රශ්නය නිසා නලින්ද - දයාසිරි පැටලෙයි..සිංහලෙන් කිව්වනේ මම විරුද්ධ වුණා
05:40
Video thumbnail
කවුරු හිරේ දැම්මත් 2029 අනිවාර්යෙන් නාමල් ජනපති වෙනවා - ඉබ්බන්කොළවලින් පස්ස පිහිදන් හිටපු මනුස්සයෙක්
05:43
Video thumbnail
වරප්‍රසාද ප්‍රශ්නයක් පටලගෙන දයාසිරි පාර්ලිමේන්තුවේ යකා නටයි - වැරදීම් වෙනවා..ඔබතුමාටත් වෙන්නේ ?
01:16
Video thumbnail
ඉදිරි කාලයේ දිවයින පුරා වැසි ඇතිවිය හැකියි - කාලයගුණයේ නවතම තතු මෙන්න
03:59
Video thumbnail
කළුබෝවිල සලිත කළ අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු නිවසට දැඩි ආරක්ෂාවක්
00:50