යුක්‍රේන ජනාධිපතිගෙන් ජනපති අනුරට විශේෂ ලිපියක්

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ස්තූතියක් පුදකරමින් ලිපියක් යොමුකර තිබෙනවා.

ඊයේ (24) දිනට දී තිබූ යුක්‍රේන නිදහස් දිනය වෙනුවෙන් ඊට සුබ පැතුම් පිරිනැමීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකට මෙම ස්තූතිය පුදකිරීමට අදාළ ලිපිය මඟින් යුක්‍රේන ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

අන්‍යෝන්‍ය ගෞරවය සහ සාමය සහ සමෘද්ධිය සඳහා වූ හවුල් කැපවීම මත පදනම් වූ ශ්‍රී ලංකාව සමඟ ඇති මිත්‍ර සබඳතා සහ සහයෝගීතාවය යුක්‍රේනය අගය කරන බවයි වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ.

එමෙන්ම දෙරටේ සබඳතා තවදුරටත් සංවර්ධනය සඳහා විභවයක් ඇති බවත්, එය දෙරටටම ප්‍රතිලාභ ගෙන දෙන බවට විශ්වාස කරන බවයි සෙලෙන්ස්කි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

01 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14