යාල ජාතික උද්‍යානයේ කලාප දෙකක් තාවකාලිකව වසා දැමේ

පවතින වියළි කාලගුණික තත්ත්වය සහ අධික තාපය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප එළඹෙන සැප්තැම්බර් මස 14 වන දින සිට ඔක්තෝබර් මස 15 වන දින දක්වා මාසයක කාලයකට වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳිගේ සහ පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගත් බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවේ ශුෂ්ක කලාපයේ අවම වර්ෂාපතනයක් ලබන කලාපයක පිහිටි යාල උද්‍යානයේ I සහ II කලාප, අතීතයේ සිටම වාර්ෂිකව සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල පවතින දැඩි නියඟය හා අධික උෂ්ණත්වය හේතුවෙන් සතුන්ට ඇතිවන තාප ආතතිය අවම කිරීම පිණිස සම්ප්‍රදායිකව වසා තැබෙනවා.

නියඟයෙන් පීඩාවට පත් සතුන් උදෙසා අඛණ්ඩව ජලය සැපයීම සහ උද්‍යානය තුළ පිහිටි ස්වාභාවික වැව්, පොකුණු හා දියවලවල් ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් සිදු කරන අතර කලාප I සහ II තුළ පිහිටි ප්‍රවේශ මාර්ග, ගොඩනැගිලි, සංචාරක නිවාස සහ අනෙකුත් යටිතල පහසුකම්වල නඩත්තු හා අලුත්වැඩියා කටයුතු මෙම කාලසීමාව තුළ සිදු කිරීමට නියමිතය.

මෙම කාලසීමාව තුළ I සහ II කලාප තුළට ඇතුළුවීමට අවසර හිමිවන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ අදාළ කාර්ය මණ්ඩලයට පමණයි.

මේ අතර සංචාරක කර්මාන්තයට සිදුවන බලපෑම අවම කරමින්, නියඟයේ දැඩි පීඩනයට ලක්ව නොමැති යාල ජාතික උද්‍යානයේ III, IV, V සහ VI යන කලාප දෙස් විදෙස් සංචාරකයින් සඳහා බාධාවකින් තොරව විවෘතව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55
Video thumbnail
නයෙක් නිසා උඩුයටිකුරු වුණ දඹුල්ල රෝහල - "නයි හාමි කරදර නොකර යන්න.."
01:48
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32