මොළය පමණක් දියණු කරන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට නව අධ්‍යාපන ක්‍රමයක්

මොළය පමණක් දියණු කරන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට හදවතත් දියුණු සහකම්පනයෙන් යුතු බෝසත් දරුවන් නිර්මාණය කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී සැලකිලිමත් වන ලෙස අස්ගිරි, මල්වතු උභය මහා විහාර අනුනායක හිමිවරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් ඉල්ලා සිටියහ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ සහ මල්වතු පාර්ශවයේ අනුනායක හිමිවරුන් සහ කාරක සංඝසභාවේ ස්වාමීන්වහන්සේලා දැනුම්වත් කිරීම වෙනුවෙන් මහනුවර දළදා මාලිගාව පරිශ්‍රයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී අනුනාහිමිවරු මේ බව පැවසූහ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති වැරදි මත පිළිබඳවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුල පවතින තත්වය සහ එහි සත්‍ය ස්වභාවය පිලිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් අස්ගිරි මල්වතු උභය විහාරික සංඝරත්නය දැනුවත් කිරීමට කටයුතු කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පොහොට්ටුව මහා නාහිමිවරුන්ට කියයි
02:16
Video thumbnail
අවු:20 - 30කට මේ ආණ්ඩුව කරන්න ඇවිත් තියෙන්නේ..සටන මෙතනින් ඉවර වෙන්නේ නෑ
02:15
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
02:13
Video thumbnail
නාමල් මුදල් ගත්තනම් ඒ සාක්ෂි පෙන්නලා දඬුවම් කරන්න - අපි ආණ්ඩුවට තර්ජනය කරන්නේ
10:29
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංට අගමැතිනිය දුන් පිළිගැනීම
01:23
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
01:41
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:51
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:27
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
01:09
Video thumbnail
අම්මා CID එකේ - දවස් 7ක් මදි වෙලා දැන්
00:33