මෙරට වාර්ෂිකව සිදුවන අලි මරණවලින් 80%ක් ම ඝාතන

දුම්රියේ ගැටී සිදුවන අලි මරණ තවත් සිදුවන තුරු බලා නොසිට ඒවා වළක්වා ගැනීමේ පියවරක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මුල් වී වනජීවි උමං මාර්ගයක් ඉදි කිරීමට පියවර ගැනීම අගය කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල පවසනවා.

මෙරට වාර්ෂිකව සිදුවන අලි මරණවලින් 80%ක් පමණම ඝාතන ලෙස සැලකිය හැකි බවත් වෙඩි තැබීම, හක්ක පටස්වලට ගොදුරුවීම, විදුලි සැර වැදීම ආදි හේතු ගණනාවක් ඔස්සේ මෙම ඝාතන සිදුවන බවත් මහාචාර්යවරයා සඳහන් කළා.

ලෝක වනජීවී සංරක්ෂණ දිනයට සමගාමීව මධ්‍යම පළාත් කෘෂිකර්ම සහ පරිසර අමාත්‍යාංශයත් හුස්ම සංවිධානයත් එක්ව තිරසර පරිසරයක තුලිත බව රැකදෙන වන ජීවීන් සුරකිමු යන තේමා කරගනිමින් මහනුවර දී අද (04) පැවති වන ජීවී ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහාචාර්යවරයා මෙම අදහස් පළ කළා.

රටේ ජනගහණය දිනෙන් දින ඉහළ ගියත් භූමි ප්‍රමාණය විශාල නොවන නිසා අලි මිනිස් ගැටුම අනාගතයේ දී තවත් උග්‍ර වනු ඇති බවත් මෙම ගැටලුවට ඉක්මන් විසඳුමක් නොදුනහොත් අලි වෙඩි තබා ඝාතනය කිරීමට පවා ඉදිරියේ දී සිදුවනු ඇති බවත් ඔහු පැවසුවා.

මේ වනවිට අලි මිනිස් ගැටුමෙන් වාර්ෂිකව මිනිස් ජීවිත 80ක් පමණ සහ අලි ඇතුන් 400ක් පමණ රටට අහිමිවන බවයි ඔහු සඳහන් කළේ.

අලි ඇතුන් ජීවත්වන රටවල් 13ක් ලෝකයේ තිබෙන බවත්, ඒ රටවල් සියල්ලටම වඩා අලියා සම්බන්ධයෙන් සංස්කෘතිමය වටිනාකමක් අපට තිබෙන බවත් කී මහාචාර්යවරයා අවශ්‍යතාව සපුරා ගැනීමට අලි ඇතුන් යොදාගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු විය යුතු බව අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15